1946 සැප්තැම්බර් මාසයේ 6 වනදා ආරම්භ වන එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලන කුස තුළ පිළිසිඳ ගන්නේ ඊට දශක කිහිපයකට පෙරයි. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමේ සටන වෙනුවෙන් මෙරට නායකයින් 1912 දී ආරම්භ කල අමද්‍යප ව්‍යාපාරය සමගයි.
පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්.ආර් සේනානායක, ඩී.එස් සේනානායක, සර් ඩී.බී ජයතිලක ආදී ලාංකීය ජන නායකයින් අමද්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කලහ. රටපුරා සුදු ජාතීන් විසින් මෙරට ජනතාවට පුරුදු පුහුණු කල මත්පානයේ විපාක ජනතාව දැනුවත් කල මෙම නායකයින් නිවහල් නිදහස් ජාතියක වටිනාකමද එහිදී ජනතාවට පෙන්වාදුන්හ. ඉන්පසු අමද්‍යප ව්‍යාපාරයේ නායකයින් රැසක් සුදු අධිරාජ්‍යවාදීන්ගේ රජය විසින් සිරභාරයට ගැනීමත් සමගම ඔවුන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් කරගැනීමේ සටන ඇරඹීම සඳහා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මෙම නායකයින්ට ඇතිවිය.
ඒ අනුව 1918 වසරේදී ලංකා ජාතික සංගමය ලෙස බිහිවන නව ජාතික ව්‍යාපාරයට සියළු ජාතීන් නියෝජනය කරමින් උගත් ලාංකිකයින් රැසක් එක්විය. හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පියාවන ඊ.ඩබ් ජයවර්ධන මහතා විසින් ලංකා ජාතික සංගමය ඇරඹීමට මූලිකත්වය ලබාදෙන අතර ඊට සර් පොන්නම්බලම් රාමනාදන්, සර් මොහොමඩ් මාකන් මාකර්, සර් ජේම්ස් පීරිස්, ඊ.ඩබ් පෙරේරා වැනි නායකයින් රැසක්ද තම දායකත්වය ලබාදුන්හ.
නිදහස ඉල්ලා මෙම ව්‍යාපාරය විසින් ගෙනගිය සටන හේතුවෙන් ඩොනමෝර් කොමිෂන් සභාවේ නිර්දේශ මත 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසු ලංකා ජාතික සංගමයේ ගමන්මගට බාධාද එල්ලවිය. ඒ ලංකා ජාතික සංගමයට අමතරව සමසමාජ පක්ෂය, සූරියමල් ව්‍යාපාරය වැනි තවත් දේශපාලන සංවිධාන බිහිවීම තුළිනි.
කෙසේ වුවත් ඒ වන විට ලංකා ජාතික සංගමය නියෝජනය කල තරුණ නායකයින් රැසකට නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය දැනුනු අතර ඊට ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර් ජයවර්ධන, ඇල්බට් එෆ් පීරිස් යන නායකයින් නව ජීවයක්ද ලබාදුන්හ.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවති පළමු රැස්වීමේදී රාජ්‍ය සභා මන්ත්‍රී එස්.නඩේෂන් මැතිතුමා විසින් කරන ලද යෝජනාවක් රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී ජයා මැතිතුමා විසින් ස්ථිර කරනු ලදුව එක්සත් ජාතික පක්ෂය යන නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹ්නි. ඊට සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යෝනක, මැලේ, බර්ගර් හා යුරෝපීය ජාතීන් නියෝජනය කරන සංගම්ද එක්වීම තුළ එම නව දේශපාලන පක්ෂය සමාජය තුළ පුළුල්ව විහිද ගියේය.
ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ගමන්මග අරඹමින් ලංකා පාර්ලිමේන්තුවෙන් වෙනුවෙන් 1947 දී පැවති පළමු මැතිවරණයේදී වැඩි මහජන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් ආණ්ඩු බලය දිනාගැනීමට සමත්විය. සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත ස්වාධීන රාජ්‍යක් බිහිකිරීමට සමත්වූ මෙම රජය 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාදීමට උරදී කටයුතු කළේය.
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් ඒ අනුව ලක් ඉතිහාසයට එක්විය. ඉන් අනතුරුව පක්ෂය විසින් රටට දැයට අතිමහත් වැඩකොටසක් ඉටුකරමින් ඉදිරියට ගමන්කරන අතර 1952 වසරේ මාර්තු මස 22 වන දින ගාලූ මුවදොර පිටියේදී අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් බිම ඇදවැටීමත් සමග එම ගමන්මගට පළමු බාධාව එල්ලවිය. එම අනතුරින් එතුමා අභාවප්‍රාප්තවීමත් සමගම පක්ෂයේ නායකත්වය සඳහා ඩඩ්ලි සේනානායක මහතා මෙන්ම සර් ජෝන් කොතලාවල මහත්වරුන් අතර උණුසුම් සටනක් ඇතිවූ අතර අවසානයේ ඩඩ්ලි සේනානායක මහතා පක්ෂ නායකත්වයට හා අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙමින් එය නිමාවිය.
සිංහල මහා සභාව සමග එක්සත් ජාතික පක්ෂයට එක්වන එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් 1952 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වගොස් ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය පළමු පිරිස ලෙස ඔවුන් ඉතිහාසයට එක්විය.
කෙසේ වුවත් 1953 වසරේදී වාමාංෂික නායකයින් විසින් නායකත්වය දෙන ලද හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මැතිතුමා පක්ෂ නායකත්වයෙන් හා අග්‍රාමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්විය. ඒත් සමගම පක්ෂ නායකත්වයට පත්වන සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවමින් 1956 දක්වා රජය පවත්වාගෙන යාමට සමත්විය.
සියළු ජාතීන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය ආරම්භවුවද ඉන් බිඳීගිය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා සිංහල පමණක් යන මතයෙහි පිහිටා කටයුතු කිරීම හේතුවෙන් එතෙක් ගොඩනගාගෙන ආ ලාංකීය ජාතීයේ විශාල ඉරිතැලීමක් ඇතිවිය. කෙසේ වුවත් 1956 දී පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත්වන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ එම මතය බහුුතර සිංහල ජතාවගේ හැඟීම්වලට ආශ්වාදජනක මාතෘකාවක් වූ නිසාවෙනි.
කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ අරමුණින් එවක පක්ෂය තුළ සිටි සියළු බලමුළු එක්තැන්කොටගෙන 1958 දී මහනුවර බලා දැවැන්ත පාගමනක් ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් ගමන් ඇරඹුවද ඉඹුල්ගොඩදී ඊට එල්ලවන රාජ්‍ය මර්ධනය හරහා එය නවතා දැමීමට සිදුවිය.
1960 වසරේ සිට 1965 වසර දක්වා මෙරට දේශපාලනයේ විවිධ සිදුවීම් රැසක් සිදුවූ අතර යළිත් 1965 දී ආණ්ඩු බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය. ඩඩ්ලි සේනානායක අගමැතිතුමන් යටතේ 1970 වසර දක්වා පාලන බලය හොබවන එම රජය නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට වැඩදායී පියවරයන් රැසක් ආරම්භ කිරීමටද මූලිකත්වය ගත්තේය.
නමුත් 1970 වසරේ පැවති මහා මැතිවරණයේදී යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය නමැති තනි දේශපාලන පක්ෂය පරාජය කරමින් සන්ධාන සමගි පෙරමුණ නව රජයක් පිහිටුවන අතර එහිදී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ හිමිවූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවද අඩුවිය. එහි විපක්ෂනායක ධූරය හොබවමින් පක්ෂයට නායකත්වය ලබාදෙන ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් 1973 දී පක්ෂ නායකත්වයට පත්වන්නේ ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ අභාවයත් සමගයි.
විශේෂයෙන්ම 1971 අප්‍රේල් මාසයේ ඇතිවන ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ලේදී වගකිව යුතු විපක්ෂයක් ලෙස රජයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂය 70 - 77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් සිදුකල ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාරට බැසීමටද අමතක නොකළේය. ජනතාව වහළුන් සේ සලකමින් තමන් ලබාගන්නා ආහාර වේල, අඳින පළඳින ඇඳුම්වලට පවා සීමා පනවමින් පෝලිම් යුගයක් ගෙනගිය සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ දැවැන්ත දේශපාලන ප්‍රහාරයන් දියත්කරමින් පක්ෂය යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන්නේ 1977 වසරේදීය.
1977 වසරේ පැවති මහා මැතිවරණයේදී 5/6 ක බලයක් ලබා විශිෂ්ඨ ජයක් හිමිකරගන්නා එක්සත් ජාතික පක්ෂය නිදහස් ශ්‍රී ලංකාව නවීන ලෝකයට අවශ්‍ය ආකාරයෙන් හැඩගැස්වීමට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ක්‍රමවේදයක්ද රටට දායාද කරනු ලැබීය. ඒ අනුව නව ව්‍යවස්ථාව මගින් රටේ නායකයා ලෙස විධායක ජනාධිපතිවරයෙකු නම්කොට තිබූ අතර ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙසට ඉතිහාස පොත් අතරට එක්විය. මේ වන විට එක්සත් ජාතික පක්ෂයද දැවැන්තම දේශපාලන ව්‍යාපාරය ලෙස සවිමත් වන අතර නමුත් 1988 89 යුගයේ යළිත් ජනතා විමුක්ති පෙරමුණ විසින් භීෂණකාරී යුගයක් නිර්මාණය කිරීමත් සමගම ඉන් වැඩියෙන්ම බැටකෑ දේශපාලන ව්‍යාපාරයද ලෙසද එක්සත් ජාතික පක්ෂය පත්විය.
එවැනි බාධා මධ්‍යයේ 1989 ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට මුහුණදෙන එක්සත් ජාතික පක්ෂය ඉන් ජයග්‍රහණය කරන්නේ පක්ෂය තුළ ඇති සංවිධානාත්මක ශක්තිය මොනවට පිළිබිඹු කරමිනි. ඒ අනුව මෙරට පමණක් නොව ලොවම පිළිගන්නා දේශපාලන නායකයකුවූ ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් සිය දේශපාලන දිවියෙන් සමුගැනීමත් සමගම 1989 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගන්නා රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සිදුවිය. එක්සත් ජාතික පක්ෂය තුළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ඉදිරියට යාහැකි බවට පෙන්නුම් කරමින් පක්ෂ නායකත්වය කරා ගමන් කරමින් රටේ නායකත්වයට පත්වන රණසිංහප්‍රේමදාස ජනාධිපතිතුමා රට තුළත් පක්ෂය තුළත් වෙනස්කම් ගණනාවක් සිදුකළේය.
කෙසේ වුවත් මීට පෙර පක්ෂය තුළ ඇතිවූ මතගැටුම්වලට එහා යමින් අභ්‍යන්තර ගැටුම් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට ගෙන එන දේශපාලන බලලෝභී සටන ඇරඹෙන්නේ එම යුගයේදී වීම විශේෂත්වයකි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂයේම නායකයින් දෙපළක් වූ ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක විසින් දියත් කරනු ලබන දෝෂාභියෝග ව්‍යාපාරය හරහා එතෙක් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ සිදුවූ විශාලම ඉරිතැලීම සටහන්විය.
ලක්ෂ 10 ක පමණ සාමාජික පිරිසක් සමග ලලිත් ගාමිණී නායක දෙපළ පක්ෂයෙන් ඉවත්ව වෙනමම දේශපාලන ව්‍යාපාරයක් අරඹන අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තනි නොකරමින් ඩී.බී විජේතුංග, රනිල් වික්‍රමසිංහ වැනි නායකයින් පක්ෂය ආරක්ෂා කරගන්නේ මෙරට සමාජයේ පැවැත්ම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මැනැවින් වටහාගත් නිසාවෙනි. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබූ එම අපලය නිමා නොවූ නිසාවෙන්මදෝ 1993 මැයි මස 1 වන දින ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට හසුව මියයන්නේ රටට ජනතාවට මෙන්ම පක්ෂයටද පිරිමැසිය නොහැකි පාඩුවක් හිමිකරලමිනි.
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වියෝවත් සමගම අග්‍රාමාත්‍ය ඩී.බී විජේතුංග මහතා පක්ෂ නායකත්වයට පත්වන අතර ඔහු යටතේ කැඩීවෙන්වී ගිය පක්ෂය යළිත් එකමුතු කරමින් ගාමිණී දිසානායක හා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමන්ගේ පුතණුවන්වූ අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කරගැනීමද සිදුවිය.
නමුත් 1994 වසරේදී පැවති මහාමැතිවරණයෙන් දැවැන්ත පසුබෑමකට ලක්ව තිබූ පක්ෂය සන්ධාන ගත පොදුජන එක්සත් පෙරමුණ හමුවේ පරාජය වන්නේ එක් මන්ත්‍රී අසුනකින් වීමද විශේෂත්වයකි. ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස විපක්ෂනායක ගාමිණී දිසානායක මහතා තරඟවදින නමුත් ඡන්ද සටනේ අවසන් දින කිහිපයේදී ඔහු ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් එල්.ටී.ටී.ඊ යේ කුරිරු බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
මෙවැනි කඩාවැටීම් රැසක් හමුවේ අපේක්ෂා භංගත්වයට පත්ව සිටි පාක්ෂිකයින්ට නවමු බලාපොරොත්තුවක් උරුම කරදෙමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායකධූරයට පත්වන අතර ඔහු 1995 වසරේ සිට යළිත් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානවලට ලක්කරමින් රටේ දැවැන්තම තනි දේශපාලන බලවේගය බවට පත්කරලීමට සමත්විය.
මේ අතර 1999 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඉදිරිපත්වන අතර එහිදී ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ප්‍රබල සටනක් ලබාදෙමින් ජයග්‍රහණයේ එළිපත්ත අසලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ජනාධිපතිවරිය වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එම ජයග්‍රහණය ආපසු හැරවී යන්නේ රටේ අහේතුවටම බව අමුතුවෙන් කිවයුතු නැත.
කෙසේ නමුත් පාක්ෂිකයා ඉච්ඡා භංගත්වයට පත්වීමට ඉඩනොදී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ සටන මහනුවරින් අරඹා ජනබල මෙහෙයුම ලෙස පාගමනින් කොළඹට එන්නේ පක්ෂයට නව ජීවයක් ලබාදෙමිනි. එම ජනබල මෙහෙයුම දෙවන රැළියේදී කොළඹ නගරයට රටේ සිව්දෙසින් ලක්ෂ 10 කට වඩා වැඩි ජනතාවක් රැස්කරන අවස්ථාවේ ඊට එල්ලවන ආණ්ඩුවේ මර්ධනකාරී ප්‍රහාරයන්ට ලක්වී තරුණ පාක්ෂිකයින් දෙදෙනෙකු දිවිපුදන්නේ පක්ෂයත් රටත් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක වුවමනාම ලොවට කියාපාමිනි. සන්ධාන රජය කෙරෙහි කලකිරී සිටි ප්‍රබල දේශපාලන නායකයින් රැසක්ද සිය ආණ්ඩු විරෝධී බලවේගය සමග එක්කරගැනීමට සමත්වූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2001 වසරේ පැවති මහාමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නේ රටේ සියළුදෙනාගේ බලාපොරොත්තු මල්පල ගන්වමිනි.
රටට සාමය උදාකිරීම හා ජනතාවට සුභ දිවියක් උදාකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ රජය විසින් දැවැන්ත ව්‍යාපෘතීන් රැසක් අරඹා තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හා සන්ධානයේ ඇතැම් නායකයින්ගේ මෙන්ම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයින්ගේ අදූරදර්ශී බසට වශීවන ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එක්සත් ජාතික පක්ෂ රජය විසුරුවා හරින්නේ දේශපාලන සම්ප්‍රදායන්ද කෙළෙසමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරඟවැදී යළිත් විපක්ෂයට පත්වන එක්සත් ජාතික පක්ෂය මීළඟට සූදානම් වූයේ 2005 වසරේ පැවති ජනාධිපතිවරණ සටන සඳහායි. ඊට රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් තරඟ වැදුණු අතර ඡන්ද සටනේ මුලසිටම ජයග්‍රාහකයා ලෙස ඉදිරියෙන්ම පසුවූයේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. නමුත් එතුමන් බලයට පත්වුවහොත් තමන්ට අත්වන පරාජය හා තමන්ගේ කොන්දේසිවලට එකඟ නොවන පුද්ගලයෙකු බවට එල්.ටී.ටී.ය ඔහු හඳුනාගෙන සිටි බැවින් දෙමළ ජනතාවගේ ඡන්දය වාරණයට ලක්කරමින් යළිත් වතාවක් සියළු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු බොඳ කරළිය.
2005 වසරේ සිට විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඉදිරියට ඇදෙමින් පවතින එක්සත් ජාතික පක්ෂය මේ වන විට මෙරට දැවැන්තම දේශපාලන ව්‍යාපාරය බවට තවතවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යමින් සිටී. ඒ පක්ෂය තුළ සිටින බලලෝභී පුද්ගලයින් විවිධ අවස්ථාවන්වලදී විවිධ කුමන්ත්‍රණ සිදුකලද ඒ කිසිදේකටත් නොසැලෙන පක්ෂය තම ජීවිතයේ පළමුතැනලා සැලකූ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ නායකතුමා එක්සත් ජාතික පක්ෂයට සිටින හෙයිනි.
No comments:
Post a Comment