වර්ෂ 1965 මැයි මස 14 වන දා ගාල්ල, අක්මීමන දී රෝහණ විජේවිර මහතා ප්රමුඛ හත්දෙනෙකු කළ තීරණාත්මක සාකච්ඡාව මෙරට විප්ලවාදී ව්‍යාපාරයක ආරම්භය වේ.ඒ අනුව එහි නිර්මාතෘවරයා බවට රෝහණ විජේවීර පත්විය.
1943 ජූලි 14 වන දා
මාතර දී උපත ලැබූ රෝහණ විජේවිර
1960 දී සිය
උසස් අධ්‍යාපන සදහා ඇතුලත් වූයේ සෝවියට් දේශයේ ලුමුම්බා මිත්‍රත්ව සරසවියටයි.
එහි වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී නිවාඩු හිමිවී 1964 වසරේදී මෙරටට පැමිණියත් වීසා නොදීම මත
යළි සෝවියට් දේශයට යාමට නොහැකි වූ විජේවීර මෙරට නිර්ධන පන්තියේ අපේක්ෂාවන්
වෙනුවෙන් ක්‍රියාකිරීමට තීන්දු කළ බව ජනතාවිමුක්ති පෙරමුණු ඉතිහාසයේ සඳහන් ය.
ඒ අනුව විජේවීරගේ නායකත්වය යටතේ 1971 වසරේ
ආණ්ඩු විරෝධි අරගලයට සම්බන්ධ වීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ පසුබෑමටකට ලක්විය.
යළි එම පෙරමුණ ක්‍රියාකාරී මාවතට පිවිසුණේ 1976 වසරේ අග
භාගයේ සිට ය.
1977 මහමැතිවරණයෙන් පසුව එතෙක් සිරගතව සිටි
රෝහණ විජේවීරට ද නිදහස හිමිවිය.
ඒ අනුව 1982 ලියාපදිංචි දේශපාලන පක්ෂයක ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස රෝහණ විජේවීර
ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණ සටනට අවතීර්ණ වීමට සූදානම්ව සිටියේය.
එහෙත් ජනාධිපතිවරණය වෙනුවට පැවති ජනමත විචාරණය හේතුවෙන් ඔහු එය පරාජය කිරීම
උදෙසා සටනට අවතිර්ණ විය.
රෝහණ විජේවීරගේ එදා කළ කතාවක කොටසක්
අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපේ
දුප්පත් අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ මේ රටේ 40 ලක්ෂයක් වු කම්කරු පක්ෂයෙන් ඉලන්නේ
අවධියෙන් ඉන්න ඇයි.ජනතාවගේ අයිතිය උදුරාගන්න ඔය කාටවත් අයිතියක් නැහැ.
1983 වසරේදී පක්ෂය යළි තහනම් කෙරිණ.
පසුව 1987 ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග
දේශප්‍රේමී අරගලයට ජනතා විමුක්ති පෙරමුණ යළිත් නායකත්වය දුන්නේය.
වසර ගණනාවක් සැඟව ජීවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අත්අඩංගුවට ගෙන
ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 12 වැනිදා
ය.
ජනතා විමුක්ති පෙරමුණු වාර්තාවන්ට අනුව එහි ඉදිරිපෙල නායකයෙකු වූ සෝමවංශ අමරසිංහ මහතා 1990 වසරේදී රටින් පිටව තිබේ.
සිය නායකයාගේ මරණයෙන් පසුව විදේශයක සිට පක්ෂය මෙහෙය වූ ඔහු යළි මෙරටට
පැමිණියේ 1994 වර්ෂයේදී ය.
1948 වසරේ කලුතර විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය
ලැබූ සෝමවංශ අමරසිංහ මහතා පයාගල ඈතගම ප්‍රදේශයේ පදිංචිව සිටියෙකි.
ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ 1969 වසරේදී
ය.
වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වගකීම් ඉසිලු සෝමවංශ අමරසිංහ
මහතා පක්ෂය මෙහෙයවීමේ වගකීම නව නායකයෙකුට භාර කරමින් ඊයේ ධුරයෙන් සමුගත්තේය.
නායකත්වය පිළිබඳ විශ්වාසය හා බලාපොරොත්තු බිඳවැටීමට පෙර සෝමවංශ අමරසිංහ
මහතා එම තනතුරට සමු දෙමින් එය අනුර කුමාර දිසානායකට පැවරීම පාක්ෂිකයාගේ පැසසුමට ලක්වේ.
සෝමවංශ අමරසිංහ මහතා (02/02/2014)
ඉතිං පහුගිය කාලේ ගත්තොතින් ඔබ සිරස නලිකාවේ හොඳටම දන්නවා මේ විරුද්ධ
පක්ෂයේ විරුද්ධ පක්ෂයේ භූමිකාව විරුද්ධ පක්ෂයේ නායක භූමිකාව අද ඉටු කෙරෙන්නේ අනුර
දිසානායක සහෝදරයාගේ අතින්.අපි හිතන්නේ මේ පක්ෂයේ නායකත්වයට ඉතාම සුදුසු පුද්ගලයා
තමයි මේ. අපි ආවේ මරණය කොතනද ඒ හමුවෙන මොහොතේ දී මරණය භාර ගන්න ආපු මිනිස්සු.ඉතිං
මේ පක්ෂයේ කිසිම සාමාජිකයෙක් පක්ෂෙට ඇතුළු වුණේ
නායකත්වය බලාපොරෙත්තුවෙන් නෙවෙයි.නායකත්වය ඉල්ලගෙන නෙවෙයි.වැඩ ඉල්ලගෙන.පවරන වැඩ
කරන්න.
1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා තඹුත්තේගමදී උපන් අනුර කුමාර දිසානායක මහතා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයට පිවිස විද්‍යාවේදී උපාධිය හිමි කර ගත්තේය.
දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණයට සම්බන්ධ වූයේ 1987 වසරේදී ය.
ඔහු 1988 වසරේදී පුර්ණකාලීන දේශපාලනයට පිවිස 95 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකධුරයට පත්විය.
එම වර්ෂයේදීම ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභාවට තේරී පත් වු අනුර
කුමාර දිසානායක මහතා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පත්වුණේ 1998 දී ය.
2000 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 වසරේ දී කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යධුරයද හෙබවිය.
2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණු
පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ධුරයට පත් ඔහු එතැන් පටන් මන්ත්‍රීවරයෙකු ලෙසින් සිය
සේවය ජනතාවට ඉටු කළේය.
පක්ෂය ආරම්භ වී අඩසියවසක් සපිරීමට ආසන්නව ඇති කාලයේ අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයට
පත්වන්නේ එහි තුන්වැනිව නායකයා ලෙසිනි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා (02/02/2014)
මේ රටට අලුත් දේශපාලන ගමනක් අලුත් ආරම්භයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ 07 වන මහා සමුලුවේදී විශේෂ අලුත් වීම්
ගණනාවක් විශේෂ යෝජනා ගණනාවක් සම්මත කර ගෙන තිබෙනවා.අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව
එම වැඩපිලිවෙලත් එක්ක එම ගමනත් එක්ක ඒකාබද්ධ වේවි කියලා.
ඔහුගේ නායකත්ව යටතේ පක්ෂය මෙහෙයවීම සදහා ඊයේ සමුළුවේදී වැදගත් යෝජනා 05 ක් අනුමත කර ගැනිණ.
අපේ දැක්ම නම්වූ එහි ජනතාවාදී පාලනය, උසස් මානව සම්පත, නවීකරණය හා කාර්මීකරණය වූ රටක්, සාධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් සැකසීම යන යෝජනා ඊට අන්තර්ගත ය.
No comments:
Post a Comment