Wednesday 12 November 2014

චන්ද්‍රිකා මෙත්‍රීපාල සිරිසේන විපක්ෂයට ඇදා ගනී

රට බේරා ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට සූදානම් ප්‍රධාන පෙළේ ඇමැති වරුන් කිහිප පොලක් හමුවීමට බැසිල් රාජපක්ෂ පුද්ගලිකවම ගොස් ඇති අතර ඇමැතිවරුන් බැසිල්ගේ මුහුණට ඍජුවටම පිළිතුරු දී ඇතැයි වාර්තා වේ.
“අපි මෙතෙක් කල් කියපු දේවල් රාජපක්ෂලා විසින් පිළිනොගත් බැවින් දැන් අපිට දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගැනීමට සිදුව තිබෙන බව“ එකී ඇමැතිවරුන් බැසිල් රාජපක්ෂට ඍජුවම පිළිතුරු දී තිබේ.
මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ගුණ වයමින් වත්මන් රාජපක්ෂ පාලනය දැඩි දෝෂ දර්ෂණයට ලක් කෙළේය. මෙය ශ්‍රීලනිප මහලේකම් වරයා සටන ආරම්භ කිරීමක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති. එම වීඩියෝව මෙහි පහත දැක්වේ.

No comments:

Post a Comment