Monday 24 November 2014

ඉවත් කරපු පළාත් ඇමති ගැන මෙත්‍රී කතා කරයි.

උතුරු මැද පළාත් සමුපකාර වෙළෙඳ හා ආහාර කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත , ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා එම ඇමැතිධුරයෙන් නෙරපා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව වෙ ඇත්තේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වන්නේ යැයි සැකය මතය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ පෙබරවාරී මාසයේදී පේෂල ගැන කළ ප්‍රකාශයක්

“පොළොන්රුවට මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡන්දෙට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යංශය වෙනස් කිරීමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි”

“මම සෞඛ්‍ය ඇමැතිකම ගන්නකොට මගේ මිත්‍ර ඇමැතිවරු දෙන්නෙක් කිව්වා ඇමැතිතුමා මේකේ ලොකු වෙනස්කම් කරන්න යන්න එපා. එහෙම වුණොත් වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කියමන අහලා මම ලොකු වෙනස්කම් නොකර පුංචි, පුංචි වෙනස්කම් කළා. ඒ කිව්ව දේ අහන්නේ නැතිව මම ලොකු වෙනස්කම් කරන්න ගියානම් පේෂල ඇමැතිතුමාට සිද්ධ වුණු දේ මටත් සිද්ධ වෙනවා. වැඩ කරන කෙනකුට අධිෂ්ඨානය, නිර්මාණශීලී බව තියෙනවානම් ඉලක්කයට ඉදිරියටම යන්න පුළුවන්. මම මේ සියලු වැඩවලදීත් පෞද්ගලිකවත් පේෂල ඇමැතිතුමා සමඟ ඉන්නවා..

No comments:

Post a Comment