Tuesday 4 November 2014

මීරියබැද්දේ අනෙක් කොටසත් නාය යන ලකුණු


කොස්ලන්දේ මීරියබැද්දේ  වැහිබර කාලගුණයත් සමග කන්ද මුදුනෙන් සිට බොර ජල පහරක්  පහළට ගලා ඒම නිසා  කැනීම් මින් මද වේලාවකට පෙර අත්හිටැවිණි.
1500කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයෝද  ඔවුනට සහාය දෙන තවත් පිරිසක්ද අද (4) හත්වැනි දිනටත් මෙහෙයුම් අරඹා පැය කිහිපයකට පසු මේ තත්ත්වය උදා විය.මෙහෙයුම් කරන ත්‍රිවිධ හමුදාවට ,පොලීසියට හා සහන සේවකයින්ය ශබ්ධ විකාශන මඟින් දැනුම් දුන්නේ  වහාම එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.ඊට හේතු වූ අනෙක් සාධකය වුයේ මෙම මතු වූ දිය පහරත් සමග මීරියබැද්ද කන්දේ අනෙක් කොටස නාය යෑමට ලක් වෙතෙයි අනුමාන කල හෙයිනි  

No comments:

Post a Comment