Monday 17 November 2014

බස්නාහිර පළාත් සභාවේ බලය විරුද්ධ පක්ෂයට..මහා ඇමති.....

ජාතික හෙල උරුමයේ මහ ලේකම් තාක්‍ෂණ හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක ඇමති ධුරවලින් ඉල්ලා අස් වී තිබේ.මෙම සිදුවීමත් සමගම බස්නාහිර පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගැලවී විරුද්ද පක්ෂය බලයට පත් වීමේ අවස්ථාවක් හිමි ඇති බව වාර්තා වේ.ඒ සදහා බස්නාහිර පළාත් සභාවේ හිඅට්පු ඇමති වරුන් කිහිප දෙනෙක්ම විරුද්ද පක්ෂය වෙත සහයෝගය ලබා දෙන බවත්,ඔවුන් කෙනකුට මහා ඇමතිකම ලබා දෙන බවත් වාර්තා වී තිබේ 
නියෝජ්‍ය මහ ලේකම් බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතා ද සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව රණවක මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.ජාතික හෙළ උරුමය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.
 මෙම තීරණය ගනු ලැබුවේ තම පක්‍ෂය විසින් ගත් තීරණයක අනුව යයි රණවක මහතා එහිදී කී අතර පක්‍ෂ නායක ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උපන් දින තෑග්ගක් බවයි. 

No comments:

Post a Comment