Wednesday 19 November 2014

ජනධිපතිවරයා විමසු ශ්‍රේෂ්ඨාධිකරණයෙ මතය මෙන්න

රාජපක්ෂලා හංගන්න හැදු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැන් එලියට පැමිණ තිබේ. එම රෙඩිමේඩ් මතයට අනුව රාජපක්ෂගේ සට්ටඹිරාලලා 10 දෙනා ප්‍රකාශ කොට ඇත්තේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්ද රාක්ෂයාට 3 වන වර ඉල්ලීමට කිසිදු බාධාවක් නොමැති බවත්, නමුත් 3 වන වාරය සඳහා ජන්දයක් ප්‍රකාශයට පත් කල හැක්කේ දෙවන වාරයේ කාලය සම්පුර්ණ වීමෙන් පසුව බවයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසු ප්‍රශ්න දෙකට ලැබුණු පිළිතුරු මෙසේය.
1. තමන්ට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද ? පිළිතුර –  හැකිය.
2. වත්මන් ධුර කාලයට වසර 4ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද ? පිළිතුර  - නොහැක.  දෙවන වාරය සම්පුර්ණයෙන් ගත කල යුතුය.
ඇමති නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ කියවුයේ ඉහත පළමු කොටස පමණකි.  එම කොටස අතින් ලියා දී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සහිත මෙම ලේඛනය පාර්ලිමේන්තුවේ සභාගත නොකළේ මේ සිදුවීම ලෝකයට හෙළිදරව් වීම වැලැක්වීමටය. නමුත් සත්‍යය කිසිදා යටපත් කල නොහැකි  සිහි තබා ගත යුතුය. 
ශ්‍රේෂ්ඨාධිකරණය මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයාගේ ප්‍රශ්නයේ පළමු කොටසට පදනම් කර ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයයි. එහිදී  සට්ටඹිරාලලා 10 දෙනාගේ නිර්වචනයට අනුව මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයා දෙවන දුර කාලය ආරම්භ කර ඇත්තේ 2010 නොවැම්බර් 19 දා දිවුරුම් දුන් දිනයේය.  ප්‍රශ්නයේ දෙවන කොටසට පදනම් කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය හා 31 වන ව්‍යවස්ථාවේ 3වන වගන්තියයි.

No comments:

Post a Comment