Monday 3 November 2014

""රනිල් වික්‍රමසිංහ"" චරිතයේ චිත්‍රපටය මෙන්න

ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍ය ධුරය දරා සදාචාරාත්මක වෘත්තීය දේශපාලනයේ තමන්ට හිමි සුදුසුම තැන නියෝජනය කරන වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත දේශපාලන දිවිය වයස දශක 4කට අධිකය.
පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි.
අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කිරීම ප්‍රායෝගිකව ලෝකයට පෙන්වා දුන් අවංක ජනතා සේවකයෙකු වූ හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දීය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව යටත් විජිතවාදින්ගෙන් මුදවා ගත් එක්සත් ජාතික පක්ෂයේ උගත්, බුද්ධිමත් සහ පරාර්ථකාමී දේශපාලන න්‍යායාන් අකුරට පිළිපදිමින් රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි තීරණ ගන්නට උපන් හපනෙකු වූ වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර දේශපාලඥයෙකු වශයෙන් ප්‍රචලිත වන්නේ ද ඔහුට විදේශයන්ගේ ඇති නිසැක පිළිගැනීම හරහාය.
1977 දී පාර්ලිමේන්තුවට පත්වන ලාබාලතම මන්ත්‍රීවරයෙකු වශයෙන් කැළණිය - බියගම අසුනෙන් ජයගත් ඔහු ලාබාලතම කැබිනට් ඇමතිවරයා වශයෙන් වගකීම් භාර ගැනීමට මුල පුරන්නේ රටට අවැසි මහත්මා දේශපාලඥයෙකුගේ දෛවෝපගත නිමිත්තක් පෙන්නුම් කරමිනි.

ශ්‍රී ලංකාවේ පහළ වූ නැණවත්ම දේශපාලන තීරකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ පැසසුමට ලක් වන වික්‍රමසිංහ මහතා යෞවන කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන, කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයට උසස්වීමක් ලබන්නේ එවකට ඔහු තුළින් විද්‍යමාන වූ කාලීන සැලසුම් නව ක්‍රමවේද සහ දුරදක්නා නුවණින්යුක්තව ක්‍රියාත්මක කළ පිරිපුන් ව්‍යාපෘතින්හී ප්‍රථිපල ගැන දිවැසින් දුටුවාක් මෙනි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිතුමන්ගෙන් පසු ආර්. ප්‍රේමදාස රජයේ ඉහළම ඇමති තනතුරු හොබවමින්  මහත්මා දේශපාලනයේ උපරිමය පිළිබිඹු කරමින් තමාට ඉහලින්ඇති නායකත්වයට ගරු කිරීම සහ ඔහු රැක ගැනීම ජීවන ධර්මතාවක් සේ සැලකූ වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට එරෙහිව තම පක්ෂය තුළින්ම පැණ නැගුණු දෝෂාභියෝග අවස්ථාවේදී එතුමන් රැක ගැනීම සදහා කළ කැප කිරීම කාගේත් ගෞරවාදරයට ලක්වූ බැව් නොරහසකි.
එහෙත් අසීමිත පැසසුම්, නම්බු නාම පිලිබද නොසැලකූ ඔහුට අභිමන් මෙන්ම අවමන් ද එකසේ විද දරා ගත හැකි වී ඇත්තේ ඍජුව සහ අව්‍යාජව කරන දේ හරියාකාරව ඉෂ්ට කොට නිමා කිරීම පරම අදිටන සේ නිරතුරුවම සලකන නිසාවෙනි.
ඉවසීම ඉතා සුවිශේෂිතම ගුණයක් මෙන්ම එය තීක්ෂණ අවියක් සේ තබාගෙන කටයුතු කරන වික්‍රමසිංහයන්ගේ පැහැදිලි වාග් විලාශය ද සෙස්සන්ගේ කතා බහට ලක් වන තවත් වැදගත් කරුණකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයම එකසේ හැසිර විය හැකිබව  පවත්වන දෙසුමක අපූර්වත්වයෙන් සහ දැනුවත් බව හරහා ඔහු ලෝකයට කියා පාන්නේ පරමාදර්ශී දේශපාලන නායකත්වයක යහපැවැත්මයි.

දේශයක් වැනසූ යුද්ධයක් නිසාම අද්විතීය නායකයින් සියල්ලක්ම පාහේ අහිමිව ගිය එක්සත් ජාතික පක්ෂයට ජ්‍යෙෂ්ඨත්වයේ සුදුසුකම් මත නායකත්වයට එළඹ පළි ගැනීමේ අදහස පසෙකලා ලේ ගැලීම්, සංග්‍රාමගාමී පිළිවෙත් මග හැර සාකච්ඡාවෙන් සහ අවිහිංසාවෙන් සතුරා මැඩ පැවැත්වීමේ අභිලාෂය ඉෂ්ට කර ගත්තේ මේ රටෙහි 17 වැනි අගමැති පදවිය භාර ගැනීමෙන් අනතුරුවයි.
අනාගතය උදෙසා තරුණ ජීවිත රැසක් රැක ගැනීමට සාධක තැනූ එම සාම ගිවිසුමේ යටි අරුථ ලෙස බැලු විට ශූර දේශපාලකයෙකුගේ තියුණු නුවණ පිළිබද කාලීන කාරනා රැසක්ම අවබෝධ කර ගත හැකි වෙයි.
එනම් සතුරු බලවේගය තුළින්ම එකිනෙකාට එරෙහි කැරැල්ලක අනතුර උතුරෙන්ම මතුවිමට සැලැස්වමයි. සතුරු ත්‍රස්තවාදය පිල් ඛෙදීම්වලට ලක්කර එකිනෙකාතුලින් අනන්‍යෝන්‍ය අවබෝධය බිද දැමීමේ ප්‍රතිඵලය සදාකාලික යුද්ධය නිම කිරීමට වක්‍රව බලපෑ ප්‍රධාන කරුණක් බව කවුරුත්යටිහිතෙන් අමතක නොකරන්නේ එහෙයිනි. එමෙන්ම ඉන් ඔහු ගරු බුහුමන් පැසසුම් අපේක්ෂා නොකළ අතර අවශ්‍ය වුයේ කෙසේ හෝ රටේ සාමයේ ස්ථිරත්වය ස්ථාපිත කිරීමය, එය එඅයුරින්මසිදු වු බැවී අපි අත්දැකීමෙන්ම දනිමු.
එහෙත් රටට ඔහුගේ නායකත්වය ඇවැසිවු යුගයක ජනපති සටනකදී අකෘතඳ ලෙස පරාජයට ලක්කළ මුත් අද එහි අදෘශ්‍යමාන ඵලවිපාක ජනතාවට විදවන්නට වී ඇති මුත් ඊට එරෙහිව මුවින් නොබැන සිටින්නට ජනතාවට  සිදුවන බැව් ඔහු පැවසුවේ "සිදුවූ වැරැද්දේ බරපතලකම වැටහෙන්නේ මතු දවසේදීයි"  යන අනතුර ඇඟවිමෙනි. අද කාලය දෙස බලා ඔහු   ඒ කළ ප්‍රකාශයන්හි  තත්ත්වය අපට අද හේතු අහේතු ලෙස ගෙන සසදා බැලිය හැක.

එසේම නැවතත් විපක්ෂ නායකත්වය දෙසට තල්ලූ වී ගියත් රටේ ප්‍රධාන පුරවැසියන් සිව්දෙනා අතර සිටිමින් එහි වගකීම සෙස්සන්ට කියා දෙමින් කාලය විසින් නිවැරදි දේ සහ යහපත් උත්සාහයන් කිරුළු පළදින තෙක් ඔහු ඉවසා බලා සිටින්නේ හොද දේ කවදා හෝ ඉස්මතු වන බව අවධාරණයෙන් දන්නා හෙයිනි.
ජන්ම බෞද්ධයෙකු ලෙස දහම් සිද්ධාන්න ගැන අපමන විශ්වාසය තබමින් තම පක්ෂයේ වුවද දුෂණ, වංචා, ගසා කෑම්, අවඤාසහගත ලෙස කතා කිරීම් වැනි දේට ඉඩක් නොතබන ඔහු කරණම්  දේශපාලනයේ යෙදෙන්නන්ට ඉතා නීරස දසුනක් වන්නේ නිතැතිනි.
ලෝකයේ ආර්ථීක අර්බුද හමුවේ ලෝකයාට මුසා දෙසා ඉන් මානසික අල්ලස් දී ජනතාව බා ගැනීමේ න්‍යාය සහමුලින්ම බැහැර කරන වික්‍රමසිංහයන් පක්ෂ නායකත්වයේ හිදීමට අවැසි උපරිම ගුණාංග සපුරා ඇත්තේ ප්‍රායෝගිකව ජනතාව විසින් ඉදිරියෙන් තැබු නායකයෙකු විලසිනි.
පක්ෂ විපක්ෂ දේශපාලනයේදී වෘත්තීය වාද විවාදවලදී එකිනෙකාට එරෙහිව වුවද ඉන් පිටත ඔහු විනයානුකූල සිවිල් නායකයෙකු ලෙස හැසිරෙන අයුරු කාගේත් අවධානයට පාත්‍ර විය යුතු කරුණකි.
දේශපාලනයේදී සතුරන් වන්නේ වැඩ නොකොට වැඩිපුර දොඩවන්නන් බව ඉඳුරා විශ්වාස කරන වික්‍රමසිංහයන් ජනතා මිතුරන් වන්නේ ජනතාවට වංක නොවී හෘද සාක්ෂියට එකගව උපරිමයෙන්ම ඉහළින්ම කටයුත කරන තැනැත්තා බව ද අවධාරණය කරයි. ඔහුගේ පිරිපුන් ජීවන ඉතිහාසය එය අපට මනාව පසක් කරවයි. ඔහු ඉතිහාසයක් ඇති පළපුරුදු ජනනායකයෙකු වන්නේ එනිසා බැව් අප නිසැකවම පිළිගන්නේ ඔහු නිලතල  බලතණ්හාව හෝ තාන්නමාන්න උදෙසා සිය ආත්මය  කිසිදා පාවානොදෙන්නෙක බව රටේ ඡන්දදායකයින් ඒකාන්තයෙන්ම දන්නා හෙයිනි.
උපුටා ගැනීම :- www.unp.lk

No comments:

Post a Comment