Wednesday 12 November 2014

ජනපති රාජපක්ෂගේ වේදිකාවේ කුණුහරුප කියන්නට ආරාධනා කරනවා...

කණ්ඩායම් හදාගෙන රටේ කුණුහරුප වැපිරූ නිර්මාල් දේවසිරිලා සමඟ අතුරලියේ රතන හිමියන් පිවිතුරු හෙටකුත් මාදුළුවාවේ සෝපිත හිමියෝ සාධාරණ සමාජයකුත් හදන්නේ කෙසේදැයි පැහැදිලි කල යුතු බව මැදගම බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සභාපති මැදගම ධම්මානන්ද හිමියෝ ප‍්‍රශ්ණ කරති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ අද කොළඹදී පැවති ජාතික සංවිධාන එකමුතුවේ විශේෂ මහා සමුළුව අමතමිනි.
බොදු බල සේනා සංවිදානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ටත්, සිහලරාවයේ අක්මීමන දයාරත්න හිමියන්ටත් මෙම වේදිකාවට එක්වන ලෙසද එහිමියෝ ආරාධනා කලහ.
බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියන්ද එවෙලේ වේදිකාවේ වැඩ සිටියහ.

                                    එහෙත් කුණු කරුවන් නිර්මාල් දේවසිරි නොව මැදගම බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සභාපති මැදගම ධම්මානන්ද හිමියන් ජාතික සංවිධාන එකමුතුවේ වේදිකාවට ආරාධනා කරනු ලබන බොදුබල සේනා සංවිදානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් බව විපක්ෂයේ ජාතික නායකයෙක් ප්‍රකාශ කළහ.ඒ බව මැදගම බෞද්ධ පුනර්ජීවන කමිටුවේ සභාපති මැදගම ධම්මානන්ද හිමියන්ට අමතක වී ඇති බවද ඔහු ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment