Monday 18 August 2014

මෙන්න බදුල්ලෙන් චන්දෙ ඉල්ලන අරක්කු කරයෝ තිස්තුන් දෙනා

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයන්ගෙන් 33 දෙනකු බාර් හිමි අපේක්ෂකයන් බවට අනාවරණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින් තරග කරනු ලබන අපේක්ෂකයන් 33 දෙනකු හට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බාර් ලයිෂන් නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්, එලෙස බාර් ලයිෂන් නිකුත් කර ඇති තවත් අපේක්ෂයන් බොහෝමයකගේ තොරතුරු සැඟවී පවතින බවත් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඌව පළාත් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

ඌව පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින බාර් හිමි අපේක්ෂකයන් පිළිබඳව වැඩිදුරටත් විද්‍යාරත්න මහතා මෙසේද කීය. ඒ.එස්. සංජය නයන දර්ශන, දරනාගල රෙස්ටුර්න්, දරගල වැලිමඩ. මේ බාර් එකේ අයිතිකාරයා ඒ.එම්. බුද්ධදාසගේ පුතාගේ බාර් එක. බුද්ධදාස කියන්නේ ඌව පරණගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක. තුෂාර ටුවරිස්ට් හොටෙල්, වැලිමඩ. මේකත් බුද්ධදාසගේ පුතාගේ බාර් එකක්.

ඒ.එන්.ටී. චමින්. මේ පාර්ලිමෙන්තු මන්ත්‍රිකෙනෙක්. බුද්ධදාසගේ පුතා, ලුණුවත්ත වයින් ස්ටෝර්ස්, නොම්බර 14, නව නගරය ලුණුවත්ත. ඒ.එම්. බුද්ධදාස මහතා හිටපු පළාත් අමාත්‍ය. මේ පාරත් ඉල්ලනවා. මෙයාගේ බාර් එක නුවරඑළිය පාර, වැලිමඩ. මෙයාට දැන් බාර් 5ක් තියෙනවා. බුදුන්ට දාස වෙච්ච කෙනා රුපියල්වලට, ඩොලර්වලට දාස වෙලා. නිමල් පිංතු ජයතිලක සෙනෙවිරත්න. දැන් එ්ක අයිති කමණි පිංතු ජයතිලක සෙනෙවිරත්න. මේ කවුද ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අයියාගේ නෝනා. අයියා මැරුණා. දැන් නෝනගේ නමට බාර් එක තියෙනවා. එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දීපු බාර් එකක්.

සීතා සමරවීර මහත්මිය, පැරඩයිස් ඉන්. මේ කවුද එක්සත් ජාතික පක්ෂයේ සමරවීර පරම්පරාව. වැලිමඩ රවි සමරවීර ආසන සංවිධායක, උපාලි සමරවීර, උව පරණගම ආසන සංවිධායක. එයාලටත් බාර් තියෙනවා.

මහියංගණයේ රවීන්ද්‍ර අනුර විදානගමගේටත් බාර් තියෙනවා. ඔහු තමයි උෟව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා. මහින්ද මහත්තයාගේ මහියංගණ ආසන සංවිධායක. ටී.ඒ. විදානගමගේ මහත්තයාගේ බාර් එකක් තියෙනවා. යසෝදා රෙස්ටුරන්ට් කියලා. මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්. තේනුක විදානගමගේ අනුර විදානගමගේ මල්ලිගේ බාර් එක. අතුල රත්නායක මෙයා ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ල.නි.ප. හිටපු ආසන සංවිධායක. එදා චන්ද්‍රිකා නෝනලා හිටපු කාලේ මෙයාටත් බාර් එකක් දීලා. බදුල්ල බසාර් වීදියේ තිබෙන්නේ ලියනගේ නයෝමි ප්‍රියන්ති ද සිල්වා කියන කෙනාගේ බාර් එක. එයා කවුද කියලා හොයපුවාම බිබිල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් කියලා අහුවුණා. මේ කවුද වනජීවී අමාත්‍ය සොයිසාගේ නෝනා.

රවීන්ද්‍ර අනුර විදානගමගේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගණය ආසන සංවිධායක. මෙයාට මහියංගණයේ බාර් එකක් තියෙනවා. බෝගහකුඹුර රත්නායක මුදියන්සේලාගේ සුජීවා හේමා රත්නායක මිය. මෙයාගේ බාර් එක තියෙන්නේ දියතලාව රෙස්ටුරන්ට් කියලා දියතලාවේ. මෙයා කවුද වනිතා කටයුතු හිටපු ඇමැතිවරිය. හිටපු පළාත් සභා සභාපතිතුමිය. මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිමඩ හිටපු ආසන සංවිධායකවරියක්. මෙයා ගියපාර පෝස්ටරයක් ගැහුවා උෟවේ අම්මා කියාල. දරුවන්ට කුක්කු දෙන්න මෙයා බාර් දාලා!

කන්දකැටිය හන්දියේ තියෙන්නේ හිටපු වියලුව ආසන සංවිධායක ජේ.එම්. ගුණතිලක මහතාගේ දුවගේ බාර් එක. ඇයගේ නම ඒ.ජේ.එම්. තිලෝෂි ධනුෂ්කා.

බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ උගන්වන ගුරුවරියක් ඉන්නවා වියලුවේ බාර් එකක් තිබෙන. හිඟුරාන අරක්කු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් ඉන්නවාලු ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නෝනා. මේවා මාධ්‍යවල පළවුණා. නිලමේ වික්‍රමරත්නටත් බාර් එකක් තියෙනවා. එයා ඩිලාන් මහත්තයාගේ ගෝලයා. මේවගේ බාර් හිමි අපේක්ෂකයන් තමයි මෙවර ඌව පළාත් මැතිවරණයට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා එක්සත් ජාතික පක්ෂයෙනුයි, සන්ධානෙනුයි එන්න දඟලන්නේ.


කෙසේ නමුත් නීත්‍යානුකූලව මත්පැන් අලෙවිහල් බලපත්‍ර හිමිකමක් පැවතීම ඡන්දයක් ඉල්ලීමට නුසුදුසු කමක් වන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමට සමන්ත විද්‍යාරත්න මහතා මෙහෙදී උත්සහ ගෙන නැත. ඔහු ඊට විරෝධය දක්වන්නේ ජවිපෙ පාලනයකදී මේ බාර් ලයිසන් අහෝසි කිරීමට හෝ මත්පැන් භාවිතය තහනම් කිරීමට හෝ ජවිපෙ බලාපොරොත්තු වන නිසාදැයි ඇත්තේ සැකයකි.

No comments:

Post a Comment