Friday 15 August 2014

ආණ්ඩුව ඌව පරදින බව කි ජෝතිශ්‍යවෙදිය අතුරුදහන්....

ඌව පළාත් සභා චන්දයට තව ඇත්තේ ටික කාලයක් පමණි.ඒ සදහා නොයෙකුත් මතවාදයන් පවතී.එහි ප්‍රධාන මතවාදය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඌව පළාත් සභාව සදහා නාමයෝජනා ලබාදීමයි.එහිදී බොහේ පිරිසගේ හා ජෝතිෂ්‍යවේදීන්ගේ අදහස වන්නේ බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවය.එහෙත් ජොතිශය වේදීන් මෙම අදහස් ප්‍රසිද්දියට පත් නොකරන්නේ ඔවුන්ගේ ජිවිත වලට ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් එල්ල වන බලපෑම් හේතු කොට ගෙනය.එහෙත් මේ කිසිවක් නොතකා තම මතය සති අන්ත පුවත් පතක ප්‍රධාන ප්‍රවුර්තිය බවට් පත්කොට, එම පුවත් පත මුද්‍රණය වීමට පැය කිහිපයක් තිබියදී  එම ජෝතිෂ්‍යය වේදියා ''ඩිපෙන්ඩර්'' වර්ගයේ රථ 5 පැමිණ රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.පසුව එම පුවත පල වීම වළක්වාලන ලිපියක් ඔහුගෙන් බලෙන්ම ලබා ගෙන, ඔහුට විදේශයකට යන ලෙස අදාල ඉහල පුටුව අණකොට ඇත.ඉදිරි දින කිහිපයේදී ඔහු විදේශ ගත වීමට නියමිත බව වාර්තා වේ.

No comments:

Post a Comment