Wednesday 27 August 2014

මහින්ද රාජපක්ෂ නම් ලාංකිකයාට නඩු දමන නීතියේ ලොක්කා

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.
දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීම වළක්වාලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබූ විධිවිධාන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් තේරී පත්වී සිටි බැවින් තුන්වැනි වරට තරඟ කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවන බව හිටපු අගවිනිසුරුවරයා පැවසීය.
මෙතන නුසුදුසු කමක් තියෙන්නේ. නුසුදුසුකම පැවරෙන්නේ ඒ තැනැත්තා තෝරා පත්කරගත් දවසේ. රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වරට තෝරා පත්කරගත්තේ 2010යේ ජනවාරි 27 වැනිදා. ඒ අනුව එතුමා ජනවාරි 27වන දින නැවත වාරයක් ජනාධිපතිකමට ඉල්ලන්න නුසුදුස්සෙක් බවට පත්වුණා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
2010 සැප්තැම්බර් මාසයේ සිදු කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම නුසුදුසුකම අහෝසි නොවූ බව හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි.
අපේ මතය නම් ඒ නුසුදුසුකම මේ ව්‍යවස්ථාවේ සීමාව ඉවත් කිරීමෙන් ඉවත්වෙලා නැහැ. අපේ නීතියේ මූලික සිද්ධාන්තයක් තමයි, නීතියෙන් යම් කිසි ඉවත් කිරීමක් කරනව නම් ඒක ක්‍රියාත්මක වන්නේ අනාගතයට; අතීතයට ක්‍රියාත්මක වන්නේ නැහැ විශේෂ විධි විධානයක් නැතුව. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වෙනි වතාවට ජනවරමක් පැතීමට හැකියාවක් නැහැ.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තැනක තුන් වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බවට සඳහනක් නොවීම මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව බව ඔහුගේ මතයයි.
අන්න එතනයි වැරදුනු තැන, තුන්වැනි වතාවට හෝ හතරවෙනි වතාවට තරග කරන්න පුළුවන් කියලා විධීවිධානයක් දැම්මේ නැහැ. ඒක දාන්න අමතක වුනා නැත්නම් ඒක දැම්මේ නැහැ මේක වසන් කරන්න. හැබැයි තුන්වැනි වතාවට ඉදිරිපත්වීමට සුදුස්සෙක් වන්නේය කියලා දාලා තිබුනොත් මම මේ කියන දේ වලංගු නැහැ.
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන 2016 නොවැම්බර් මස 19වනදාට මාස 3කට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය තිබෙන බව පවසන සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ඊට කලින් ජනාධිපතිවරණයක් කැඳවුවහොත් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පවරන බවද පවසයි.


No comments:

Post a Comment