Wednesday 27 August 2014

පළාත් අමාත්‍ය නිමල් ලාංසා දොස්තර නෝනා කෙනෙක්ගෙන් ගුටි කැ හැටි

නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාව කටාන ආසනයෙන් එළවා දැමීමට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ක්‍රියා කෙළේ යැයි පළාත් අමාත්‍ය නිමල් ලන්සා මහතා සිදුකළ ප්‍රකාශය මුලුමනින්ම සාවද්‍යයැයි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසා සිටී.
                                                    සරත් ගුණරත්න මහතාට කටාන ආසනයෙන් දේශපාලනය කිරීමට නොදී එළවා දැමීමට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ක්‍රියා කළ බව බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලාන්සා මහතා පසුගියදා (25දා) මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධව දිනපතා පුවත්පතක් විසින් කළ විමසීමේදී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ බව පවසා තිබේ.
                                                          ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් සරත් ගුණරත්න මහතා කලක් සේවය කළ බවත් එවකට රටේ පැවැති තත්ත්වය නිසා හදිසියේ සරත් ගුණරත්න මහතාට විදේශ ගතවීමට සිදුවූ බවත් ඇය කියා තිබේ.
                                                          සරත් කුමාර ගුණරත්න මහතාට කටාන ආසනයෙන් දේශපාලනය කිරීම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා විසින් තහනම් කරනු ලැබුවැයි යමකු පවසනවානම් එම ප්‍රකාශයට තමන් එකඟ නොවන බවත් එය වැරැදි අවබෝධයක් බවත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.

                                                             එමෙන්ම මීගමුව ප්‍රදේශයේ භීෂණ තත්ත්වයක් පවතින බවට නිමල් ලාන්සා මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධවද අදහස් දක්වමින් ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවැසුවේ එවැනි භීෂණයක් මීගමුව පමණක් නොව රටෙහිද නොපවතින බවයි.

No comments:

Post a Comment