Thursday 21 August 2014

ලංකාවට කුඩු ගෙන ගෝඩ් ෆාදර් හෙවත් කුඩු ලේකම් කවුද

හොරොයින් මාෆියාවක් හෙලිදරව් කරමින් පසුගිය අගෝස්තු 15 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් කටුගස්තොටදී අල්ලා ගත් හොරොයින් කිලෝ 59 පිටුපස සිටින සැබෑ ජාවාරම් කරුවා වසන් කිරීමට මත්ද්‍රව්‍ය නාශක අංශය, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා සමග රජයේ සහ රාජ්‍ය ගැති මාධ්‍ය කි‍්‍රයා කරමින් සිටිති.
මීට හේතු වී ඇත්තේ සැබෑ ජාවාරම් කරුවා පිටුපස ලංකාවේ කුඩු ගෝඞ් ෆාදර්  සිටින බව හෙළි වී ඇති බැවින් ඔහු වසන් කිරීමට අවශ්‍ය බැවිනි.
පසුගිය කාලයේ එස්.ටී.එෆ් බලකාය හොරොයින් කිලෝ 85 ක් ඇල්ලූවා යැයි කීවද පසුව බලද්දී එහි හොරොයින් නොතිබූ අතර එය ව්‍යාජ මාධ්‍ය සංදර්ශනයක් පමණක් විය.(ඒ සම්බන්ධ සත්‍ය තොරතුරු ලංකා ඊ නිව්ස් මීට පෙර හෙළිදරව් කර ඇත)අනෙක් අතට වෙනත්
අවස්ථා වල හොරොයින් ඇල්ලූවා යයි කීවද ඒ සම්බන්ධ සැබෑ ජාවාරම් කරුවන් අල්ලන්නේ නැත. ජාවාරම් කරුවන් අල්ලා ගත් අවස්ථා වලදී ද වනාතේ තිලාන්ටමෙන් ඔවුන්ට බන්ධනාගාරයෙන් පැන යෑමට ඉඩ කඩ සලසන්නේ ය.
එවන් තත්ත්වයක් තුලදී මහනුවර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ කටුගස්තොට වසා දමන ලද ජුවලරි සාප්පුවක තිබී අල්ලා ගත් හොරොයින් කිලෝ 59 යි ග‍්‍රෑම් ගණනක හොරොයින් තොගයත් ඊට සම්බන්ධ ජාවාරම් කරුවන්ද අල්ලා ගැනීමත් විශේෂිතය. මේවා කිලෝ එකේ පාර්සල් ලෙස තේ සහ කිරිපිටි පැකට් කරන ආකාරයෙන් පැකට් කර තිබිණ. එහිදී අල්ලා ගත් ලංකාවේ ප‍්‍රධාන ජාවාරම් කරුවා අහමඞ් සබ්රි තජුඞීන් නමැත්තෙකි. ඔහුගේ සහායකයා ලෙස මාතලේ පලාපත්වලදී මොහොමඞ් සෆ්රාස් නමැත්තෙක්ද අල්ලා ගත්තේ ය.
අහමඞ් සබ්රි තජුඞීන්ට කටුගස්තොටද නිවසක් තිබූ අතර ගල්කිස්ස පිරිවෙන පාරේද, රත්මලාන මැලිබන් කර්මාන්ත ශාලාව ඉදිරිපිට පාරේද නිවෙස් දෙකක් හිමිය. ඒ සියල්ල අතර ඔහු වාසය කර ඇත්තේ අකුරණ පිහිටි නිවසක ය. සබ්රි අල්ලා ගන්නා අවස්ථාවේ තවත් පුරුෂයන් තිදෙනෙක් සහ කාන්තාවක් ද සෆ්රාස් අල්ලා ගන්නා අවස්ථාවේ තවත් කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන තිබූහ.
මේ සියළු දෙනා අතර ලංකාවේ ප‍්‍රධාන ජාවාරම් කරුවා වූයේ සබ්රිය. නමුත් ඔහුට හෙරොයින් එවන ප‍්‍රධාන ජාවාරම් කරුවා මැලේසියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික මුස්ලිම් ව්‍යාපාරිකයෙකි. ඔහු නමින් දාටෝ මොහොමඞ් මුජහිද්නමැත්තෙකි. හොරොයින් කිලෝ 59 ක් සමග හසුවූ අහමඞ් සබ්රි යනු දාටෝ මොහොමඞ් මුජහිද්ගේ මස්සිනා ය. දාටෝ මොහොමඞ් මුජහිද්ට පුද්ගලික සුපිරි නාවුක යාත‍්‍රාවක්ද (ලක්සරි යොට් එකක්ද) හිමිය.

තව බොහෝ තොරතුරු අප වෙත ලැබී ඇති අතර ඉදිරියේදී ඒවා හෙලිකරන්නෙමු.

No comments:

Post a Comment