Wednesday 6 August 2014

මෙන්න කුඩු ගෙන්වන ඇමතිතුමා...

ඊයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකදී ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ධීවර අමාත්‍ය රාජිත ගැන තොරතුරු රැසක් හෙළිකර සිටියා.

එහිදී උන්වහන්සේ පැවසුවේ ඇමති රාජිත LTTE ය සමඟ සම්බඳකම්කම් පැවැත්වූ බවත්, නැව් 6ක් මිලදීගෙන තිබෙන බවත්ය.

එමෙන්ම ඔහු කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන බවත්, කේරල ගංජා ප්‍රවාහනය කරන බවත් හෙළි කළා.


පුවත්පතක සිරස්තලයක් පෙන්වූ උන් වහන්සේ,

"ඇමතිකම දාලා රාජිත යන්න සූදානම්"

දැන් අපි අභියෝග කරනවා ඇමතිකම දාලා නිකන් ගෙදර යන්න නෙවෙයි හිරේ යන්න ලෑස්ති වෙන්න. මේ මිනිහව එල්ලුම්ගස් යවන්න සාධක තියනවා

අපි පැහැදිලිව කියනවා රාජිත කියන්නේ එල්.ටී.ටීයත් එක්ක සම්බන්ධකම් තිබිච්ච මිනිහෙක්. කදිරේෂන් කියලා කෙනෙක් හිටියා පාමංකඩ කදිරේෂන් පාරේ. මේ කියන පුද්ගලයටත් සල්ලි දුන්නා රටින් පැනගන්න හා ලංකාවටත් එන්න.

බයිසිකල් බෝල කියන්නේ. මේවා එකතුකරලා උතුරට බෙම්බ හදන්න යවන එක තමයි එයාගේ රාජකාරිය

ඇතුල්කෝට්ටේ ධීවර සංස්ථාවට අයත්ව තිබුණු දේපොලක්, තේරෙන බාසාවෙන් කිව්වොත් ගල් කරලා තියනවා මේ වෙනකොට. බලන්න ලයිට් බිල් පවා තියෙන්නේ තාම ධීවර සංස්ථාවේ නමට.

බේරුවල ඉන්නවා හාජ්ජියාර් කියලා නාගරික මංත්‍රී කෙනෙක්. මේ මංත්‍රීගේ තියනවා බී.එම්.ඩව්ලිව් එකක්. ඕකේ තමයි කේරල ගංජා අදින්නේ. ඇමති රාජිතගේ ආරක්ෂක රථ පිටිපස්සේ තමයි යන්නේ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉස්මත් ගේ මල්ලි සති තුනකට පමන පෙරාතුව වෙඩි තියලා මැරුම් කෑවා. කුඩු ජාවාරමේ ඉන්න ඉහලම කෙරුමෙක්. රටේ ප්‍රශ්න කලානේ දේශපාලඝ්නයෝ ඉන්නවා කියලා කුඩු ජාවාරම පිටිපස්සේ, ඔය ඉන්නේ. මෙයත් එක්ක තමයි නිතරෝම රට සවාරි යන්නේ. ඔය අති උත්තම ඇමතිතුමා.

දත් දොස්තර කෙනෙක්ට සාමාන්‍යයෙන් අවුරුද්දකට කොච්චර හොයන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් නැව් එහෙම ගන්න පුළුවන්ද? මම දන්නේ නෑ ඇමති කෙනෙකුට කොච්චර වැටුපක් හම්බ වෙනවද කියලා? ලක්ෂයක් විතර? නැව් 8ක් අරගන තියනවා. බ්ලූ ඕෂන් ෆිෂරි ප්‍රයිවට් ලිමිටඩ් නමින්. දැන් කියයි ඒක චීන සමාගමක් කියලා.

දැන් බලන්න මෙයාගේ ලේකම් දොන් ලලිත් අනුර පෙරේරා මහතාගේ අයෝජනය මිලියන 600 යි. 60%ක කොටස් තියනවා. මොකක්ද මේ අනුර ලලිත් එක්ක රාජිතගේ තියන සම්බන්ධය? ඇයි ලංකා ධීවර සංස්ථාවට මාලු ලබා නොදෙන්නේ? සංස්ථාවට නොදී මේ මාලු වල සල්ලි යන්නේ කාටද කියන එක ප්‍රශ්න කරන එක අවශ්‍යයි.

අල්ලන්න බෑ ආඳගේ න්‍යායනේ තියෙන්නේ. කොහෙන් ඇල්ලුවත් ආඳා ලිස්සනවනේ. මොකද කට හැකරයි. නියම ආඳෙකුටට තමයි ධීවර අමාත්‍යාංශය දීලා තියෙන්නේ."
 

No comments:

Post a Comment