Wednesday 27 August 2014

පළමු සමීක්ෂණ ප්‍රතිපල ආවා..මොනරාගල ආණ්ඩුව දින්නත් දරුණු පසු බෑමක්

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''    2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.
                                                                   මොණරාගල දිස්ත්‍රික්කයේදී වැඩි වාසියක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුනද එහි පැහැදිලි පසු බෑමක් දක්නට ලැබේ.ගියවර මන්ත්‍රී අසන 9ක් දිනා ගත එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මන්ත්‍රී ආසන 6 (ප්‍රසාද ආසනය හැර )දිනා ගන්නා බවත් ගියවර මන්ත්‍රී ආසන 2ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂය මෙවර මන්ත්‍රී ආසන 4ක් දිනා ගන්න බවත්.ජනතා විමුක්ති පෙරමුණ හා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂය මන්ත්‍රී ආසන එක බැගින් දින ගන්නා බවට සමීක්ෂණයේදී හෙළි වී තිබේ.                                                                                                                                                                            කෙසේ වෙතත් මොනරාගල දිස්ත්‍රික්කයේ සමසත් ජයග්‍රහනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව ප්‍රකශ වේ.මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබීමට සිටි ජාතික නිදහස් පෙරමුණේ හිටපු මොනරාගල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී උදය කුමාර මහතා මුස්ලිම් සන්ධානයටද මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වී තිබේ.මෙම කරුණු සමීක්ෂණයේදී අපට හෙළි වන ප්‍රධාන කරුණ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඌව පළාත් සභාවේ ජය තහවුරු කර ගැනීමට නම් මොනරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ප්‍රමානය ප්‍රමාණවත් නොවන බවය. 

No comments:

Post a Comment