Wednesday 20 August 2014

ජනපති බලයෙන් කලාකාරිය දුෂණය කරන ලේකම්

මහින්ද රාජප්කෂ ජනාධිපතිවරයාගේ සංස්කෘතික හා කලා කටයුතු ඒකකයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ සමන් දිසානායක විසින් මීට වර්ෂ දෙකකට පෙර මිය ගිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිද වන චන්දි රණතුංග ඊයේ (19) පැහැරගෙන ගොස් අමානුෂීය ලෙස පහරදී තුවාල සිදුකොට ඇත.

ඊයේ සන්ධ්‍යාවේ සිදුවන මෙම සිදුවීම සම්බන්ධයෙන් චන්දි රණතුංග පවසා සිටියේ තමාට දිගින් දිගටම සමන් දිසානායක නැමැති ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් බලපෑම් සිදුවූ බවයි. තම සැමියා ජීවත්ව සිටියදීත් මිය ගිය පසුත් මෙම පුද්ගලයා විසින් දිගින් දිගටම තමාට අනවශ්‍ය ලිංගික බලපෑම් සිදුකළ බවත් ඔහු සමග විවාහ වන ලෙස මරණ තර්ජන පවා සිදුකළ බවත් සදහන් කර සිටියාය.

කෙසේ නමුත් ඊයේ දින තමන් ලියා පළකිරීමට නියමිත පොතක පිටකවර නිර්මාණය පරීක්ෂා කිරීමට මහරගම සිල්වර් රීඩ් ආයතනය වෙත ගොස් එළියට එනවිටම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සමන් දිසානායක විසින් තමන් බලහත්කාරයෙන් ඔහුගේ මෝටර් රථයට ඇදගෙන ගොස් දොරගුළු දමා තමා සමග විවාහ වන ලෙසත් නොමැති නම් අදම දෙකෙන් එකක් අවසන් කරන බවත් පවසා බත්තරමුල්ල අකුරේගොඩ පාළු ස්ථානයකට ගෙන ගිය බවත් සදහන් කළාය.

එහිදී ඔහු තමාට ලිංගික බලපෑම් සිදුකිරීමට තැත් කළ බවත් ඊට එකග නොවූ විට වෙඩි තබන බවත් පවසා පිස්තෝලය ගෙන ඒමට මෝටර් රථයේ පසුපස දොර විවෘත කළ බවත් එවිට තමා අසල්වාසීන්ට ඇසෙන්නට තමන් බේරාගන්නැයි විලාප දුන් බවත් සදහන් කළාය. එහෙත් පසුව මෝටර් රථයට ගොඩවී තමාගේ හිසට මෝටර් රථයේ යතුරින් පහරදී තුවාල සිදුකළ බවත් ඉන් අනතුරුව තමන් සිහිසුන් වූ බවත් ඇය සදහන් කර සිටියාය.
කෙසේ නමුත් අනතුරුව සමන් දිසානායක අදාළ මෝටර් රථය හා සිහිසුන්ව සිටි චන්දි රණතුංග එතැන දමා පළාගොස් ඇති අතර පසුව ඔහු මිරිහාන පොලීසිය වෙත ගොස් මෙම කාන්තාවගෙන් කරදර බවට පැමිණිල්ලක් ද සිදුකොට ඇත. එලෙස පොලීසියේ ආරක්ෂාව තමන් වෙත සලසාගෙන මිරිහාන පොලීසියට වසන්ති චතුරාණි හා තවත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන්වා තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට කටයුතු කර තිබේ.


කෙසේ නමුත් මිරිහාන පොලිස් ස්ථානය වෙත තමා රැගෙන යාමට පැමිණි පොලිස් නිලාධාරීන් හා කාන්තා නිලධාරිනියන් විසින් පොලිස් ජීප් රථය තුළදී තමාට අමානුෂික ලෙස පහරදුන් බවද ඇය සදහන් කළාය. ඒ අවස්ථාවේදී තමාගේ ගෙළ තදින් අල්ලා සිටි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකුගේ අත තදින් සපා කා ඔහුගෙන් මිදුනු බවත් අනතුරුව පොලිස් ස්ථානය වෙත පැමිණි පසු පොලිස් ස්ථානාධිපතිවරයාට වැඳ තමාට සාධාරණයක් ඉටුකරන ලෙස දැනුම් දුන්නද ඒ වෙනුවට සිදුවූයේ තමා ඇදගෙන ගොස් කූඩුවට දැමීම බවත් සදහන් කළාය.

මෙම සිදුවීම් සියල්ල සමන් දිසානායක සිය දේශපාලන බලය යොදා සිදුකොට ඇති අතර ඒ සදහා ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් පට්ටම භාවිතා කොට ඇති බවටද තොරතුරු වාර්තා විය.

සංගීත විශාරදයකු වන මොහු ජනාධිපතිවරයාගේ සංස්කෘතික කටයුතු පිළිබඳ සම්බන්ධීකරන ලේකම්වරයා වන අතර පෙර අවස්ථාවකදී රණතුංග මහත්මිය පැහැර ගෙන යාමට ගත් උත්සාහය නිසා ඔහුගේ තනතුර අහෝසි කළ බව පැවැසුනද ඔහු මේ වන තෙක් පෙනී සිටින්නේ ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයා ලෙස මෙන්ම රජයේ වාහනද පාවිච්චි කරමින්ය.

කෙසේ නමුත් නාලක වෙදමුල්ල අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් ද මොහු සැක කරනු ලබන බවත් දරුවන් දෙදෙනෙකුද සිටින විවාහකයකු වන සමන් දිසානායක තමන් පසුපස මොහු ලුහු බදින්නේ කුමන කරුණක් නිසාවෙන්ද යන්න තමන් නොදන්නා බවත් තමාට නීතියෙන් හෝ වෙන කුමන හෝ පිහිටකින් සාධාරණය ඉටුවිය යුතු බව ද ඇය හැඬු කදුළින් පවසා සිටියාය.



සංගීත විශාරදවරියක් ගායිකාවක් මෙන්ම ගත් කතුවරියක්ද වන ඇය මීට පෙර සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංගීත අනුමණ්ඩලයේ ලේකම්වරියක ලෙස සේවය කළාය. සමන් දිසානායකගේ බලහත්කාරකම් නිසාම ඇය එම දෙපාර්තමේන්තුවෙන් බුද්ධසාසන අමාත්‍යාංශය මාරුවීමක් සදාගෙන ඇත.ඇය ගාලු නඩය නමින් ප්‍රසිද්ධ නාට්‍යය කණ්ඩායමේ ආරම්බක සාමාජිකාවක්ද වේ.

No comments:

Post a Comment