Thursday 21 August 2014

ජෙනරාල්ගේ අපේක්ෂකයන්ට මරණ වරෙන්තු..මතිවරණ කොමසාරිස් ගොළු වේ

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21දා)අලුයම 2.00 ට පමණ මැර කණ්ඩායමක් පහර දී ඇතැයි වාර්තා වේ.මේ හේතුවෙන් ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබෙන බවත් කැෆේ සංවිධානය පවසයි.
එසේම ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි. එම කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක්ද මැර කණ්ඩායම විසින් ගිනි තබා ඇති බවද ඔවුහු කියති.
පළාත් සභා මැතිවරණය ආරම්භවීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා වී ඇති බවත්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වී ඇති බවත් කැෆේ සංවිධානය පවසයි.



No comments:

Post a Comment