Friday 15 August 2014

සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම ජයන්තගේ තනතුර අනතුරේ

ඔප්පු සහිත වෙනත් ඉඩම් අයිති  කරුවන් කිහිප දෙනෙක්ට අයිති වන අක්කර 2ක ඉඩමක් සදහා පරිසර ඇමති වරයාගේ දැනුවත් වීමක් සහිතව,මැණික් හා ස්වර්නාබරණ අධිකාරිය විසින් වෙනත් පාර්ශවයකගෙන් මුදල් ලබාගෙන බලපත්‍ර නිකුත් කර ඇත...ඒ අනුව වසර 30 වැනි කාලයක් බුක්ති විදි තේ ඉඩම් හිමියන්ගේ ඉඩම් වලට බලෙන් පැන පතල් කැපීමේ දැවැන්ත බලහත්කාරී ක්‍රියාවක් රත්නපුර කලවාන ප්‍රදේශයෙන් වාර්තා වේ..

මැණික් සංස්ථාවට හවුල් ලැබෙන ඇමතිවරුන්ට මුදල් ලැබෙන පතල් වල ඉල්ලම් මහා දවාලේ ලොරි වලින් නිවිතිගල පළාත් සභා මන්ත්‍රී වරයෙක්ගේ නිවසකට ගෙන යන අතර ඉඩම් අයිති කරුවන්ට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ දැඩි අපහසුවක්ද පවතී....

එනම් පොලීසියට පැමිණිලි කිරීමෙන් පලක් නැත.. බලපත්‍ර ලබා දී තිබෙන්නේ රජය මගිනි... දිස්ත්‍රික් උසාවියකින් පැමිණිලි කර එවන් බලපත්‍රයක් අවලංගු කිරීමට නොහැකිය.... එම නිසා ශ්‍රේෂ්ටාධිකරණයේ සහයක් පැතීමද ලේසි පහසු නැත.... ඒ සදහා ලක්ෂ 45ක මුදලක් වය වේ.
මෙකී අසාදාරනය සිදුවන ඉඩම් හිමියන් පවසන්නේ තමන්ට  ඒ සදහා හැකියාවක් නොමැති බවයි....


No comments:

Post a Comment