Tuesday 5 August 2014

ශෂේන්ද්‍ර ට ඌවෙ සංධාන මන්ත්‍රීවරු විරෝදය දක්වන හැටි


විසුරුවා ඇති ඌව පළාත් සභාවේ ආණ්ඩුපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන්26දෙනෙකු සිටි නමුත් ඌව ගැන කථා කරන දේශපාලන සංවාදවලට ඌවේ ආණ්ඩුපක්ෂය නියෝජනය කළ කිසිඳු මන්ත්‍රීවරයෙකු නොපැමිණෙන තත්වයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පවසයි.
පසුගිය 31වනදා පැවති සිරස රූපවාහිනියේ "සටන" දේශපාලන වැඩසටහනේදී ඒ මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් වැඩිදුරටත් පවසා සිටියේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගෙන ගිය ඒකාධිපති පාලනයට විරෝධය දැක්වීමක් ලෙස මෙලෙස ඌවේ ආණ්ඩුපක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් "උඹ කෙරුවනම් උඹම උත්තර දීගනිං. උඹේ වැඩවලට අපිට උත්තර බඳින්න බෑ" යනුවෙන් පවසමින් දේශපාලන වැඩසටහන් වර්ජනය කර ඇති බවයි.

No comments:

Post a Comment