Wednesday 27 August 2014

මැතිවරණ කොමසාරිස් නිදි මෙන්න..ඇත්ත

ඌව පළාත් සභා මැතිවරණයේ විපක්ෂයේ පක්ෂයන්හි මැතිවරණ කාර්යාල හා පුද්ගලයින්ට පහරදීම සදහා ආණ්ඩුව විසින් සන්නද්ධ කල්ලියක් යොදවා ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාල චෝදනා කර සිටී.

මෙම කණ්ඩායම විසින් පෙරේදා දිනයේදී විපක්ෂයේ කාර්යාල 18ක්ද ඊයේ දිනයේ දී විපක්ෂයේ කාර්යාලය 10ක් ද විනාශ කොට ඇත. එසේම ගම්වැසියන් බිය වද්දමින් විපක්ෂයේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීම සදහා ස්වයංක්‍රීය ගිනි අවි යොදාගනිමින් පවතින බවද අදාළ නිරීක්ෂණ ජාල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

නිරීක්ෂණ ජාල සදහන් කර සිටින්නේ මේ වන විට මෙසේ ගිනි තබා විනාශ කොට ඇති කාර්යාලය සංඛ්‍යාව 30ක් පමණ වන බවත් මැතිවරණය ආරම්භ වීමත් සමග මෙවැනි තත්වයක් පෙන්වන්නේ නම් ඉදිරියේදී මේ තත්වය උග්‍රවිය හැකි බවද අදාළ ලිපිය මගින් සදහන් කොට ඇත.

No comments:

Post a Comment