Wednesday 27 August 2014

ඌවෙ ජය විපක්ෂයට මහා ඇමති හරින් ප්‍රනාන්දු ජේ.වී.පි ට .ෆොන්සේකාට ඇමති කම්

                                             
''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ගොසිප් සවුත් ලංකා නිවුස්''    2014  ඌව පළාත් සභා මැතිවරණයේ  බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ පළමු වටයේ  සමීක්ෂණ තොරතුරු එලි දක්වා තිබේ.මෙහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් අහබු ලෙස තෝරාගත් අවුරුදු 18 -30 / 30-50 / 50-70 /70+ / පුජ්‍ය හා රාජ්‍ය සේවක ලෙස කාණ්ඩ 5කට ගැහැණු 5 හා පිරිමි 5ක් ලෙස හැම කාණ්ඩයෙන්ම තෝරාගෙන සමීක්ෂණය සිදු කරන ලදී.මොනරාගල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 319 හා බදුල්ල දිස්ත්‍රික්කය තුල තිබෙන ග්‍රාම නිලධාරී වසම් 567 තුල නිලධාරී 1800 කට වැඩි ප්‍රමානයක් යොදවා දින 3ක් තුල කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල පහත දැක්වේ.                                                                                                                                                 කෙසේ වෙතත් අවුරුදු 15 පසුව ඌව පළාත් සභාව තුල වෙනසක් සිදු වෙමින් මන්ත්‍රී ආසන 14 බැගින්(බෝනස් අසනද ඇතුළුව ) ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය සම තත්වයට පත් පත් වුවද ජනතා විමුක්ති පෙරමුණට හිමි ආසන 3ත් ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයට හිමි අසන 2ත් සමග විපක්ෂය මන්ත්‍රී ආසන 19 දක්වා ඉහලට ඇදී යනු ඇත.එවිට මහා ඇමති පත්වනුයේ ඒකාබද්ද විපක්ෂය මුලික කර ගනිමිනිඑය එසේ සිදු වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ අවුරුදු 20ක් පමණ ශ්‍රී ලංකාවේ තිබුණු බලය උතුරු පළාතෙන් පසුව වෙනත් පළාතකින් පළමු වරට ගිලිහි යනු ඇත.මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය හෝ ජනාධිපතිවරනයටද දැඩි ලෙස බලපානු නියතය.කෙසේ වෙතත් මෙය හුදෙක් සමික්ෂනයක් පමණක් වන හෙයින් සැප්තැම්බර් 20 දින සැබෑ ලෙසම දැක ගනු නියතය  

No comments:

Post a Comment