Monday 18 August 2014

වාරියපොල නගරයේ තරුණයාට පහරදුන් තරුණිය .....................ඇමති ගේ දියණියද

වාරියපොළ නගරයේදී තමන්ට විහිලු කළ බව පවසමින් තරුණයෙකුට පහරදුන් තරුණිය දේශපාලන බලය පාවිච්චි කරමින් එම පහරදීම සිදුකළාදැයි සැක පහළවී ඇත.ඇය ආසන්නයේ සිටින ඇමති ආරක්ෂකයෙකුගේ ස්වරූපය රැගත් පුද්ගලයා සහ ඔහු විසින් පහරකෑමට ලක්වූ තරුණයාට විවිධ අවස්ථාවලදී නියෝග නිකුත් කිරීම එයට හේතුවය.
 
එමෙන්ම පහරදීම සිදුකරන තරුණිය "කවුරු කියලද හිතන් ඉන්නෙ" සහ "දැන් මතක තියාගනින් කවුද කියලා" යනුවෙන් පහර කෑ තරුණයාට කරන ලද ප්‍රකාශයන්ද සැකයට භාජනය වී ඇත.එය කෙසේ වුවද නීතී විශාරදයින් පවසන්නේ ප්‍රසිද්ධියේ කරන ලද මෙම පහරදීමට එරෙහිව මෙම තරුණයාට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවය.
 
නිතිඥ තුෂාර එන්.දස්කොන් මහතා එෂියන් මිරර් කළ විමසීමකදී සඳහන් කළේ එමෙන්ම මෙම තරුණයා ඇයට කර ඇති විහිළුව ඇතැම් විට අපචාර ගණයටද ගත හැකිවනු ඇති බවය.මෙම සිදුවීම පිළිබඳව හෝ සිදුවීමට මුල්වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් නිර්නාමිකව හෝ පහත දැක්වෙන ප්‍රතිචාර(Comment) තීරුවේ ඒ පිළිබඳව සඳහන් කළ හැක.  
උපුටා ගැනීම:- එෂියන් මිරර් වෙබ් අඩවිය 

No comments:

Post a Comment