Wednesday 20 August 2014

මාධ්‍යවේදියා ඝාතනයේ අප නොදන්නා විස්තරය

ඉස්ලාමික රාජ්‍යක් ගොඩනැගීම වෙනුවෙන් සටන් වැදෙන ISIS සංවිධානය විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියකු වන ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඝාතනයට ලක්ව ඇති ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියා 2012 වසරේ සිරියවේදී අතුරුදහන් වූ බවට වාර්තා විය.

ජිහාඩ් කැරලිකරුවන් පවසන්නේ මෙම ඝාතනය, ඉරාකයේ ISIS සටන් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඇමෙරිකානු ප්‍රහාරයන්ට පළි ගැනීමක් ලෙස සිදු කර ඇති බවයි.

ජේම්ස් ෆොර්ලිගේ මව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම පුතු තමන්ට ආඩම්බරයක් බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිරියාවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති වේදනා ජනක අත්දැකීම් ලෝකයට හෙළි කිරීමට නිර්භයව ක්‍රියා කළ තම පුතුන් ඒ වෙනුවෙන් දිවි පුජා කර ඇති බවයි.


No comments:

Post a Comment