Wednesday 6 August 2014

ආණ්ඩුව බදුල්ල දිස්ත්‍රික්කය පරාද වන බව නාමයෝජනා දවසේදී පිළිගනියි.


ජාතික නිදහස් පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තනිවම් තරග වදියි.එයට හේතුව වන්නේ එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බැවින් එහි චන්ද පදනම විසුරුවා ලීමට ජාතික නිදහස් පෙරමුණට වෙනම තරග වදිනු ලබයි.එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජාතික නිදහස් පෙරමුණ අතර ගැටුම ඇතිවුයේ මොනාගල දිස්ත්‍රික්කයේය.එයට හේතුව වුයේ ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර මහතා ස්වාධීන කණ්ඩායමක් මගින් මොනරාගල දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නා.

ඒ ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබීම හේතුවන්. ඊයේ රාත‍්‍රියේ තමන්ට මේ පිළිබඳව දැනුම්දුන් බවයි ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඒ උදයකුමාර මහතා කියා සිටියේ.

තම පක්ෂයෙන් ඉවත්වී නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත් හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර මහතාට සන්ධාන අපේක්ෂකත්වය ලබාදුනහොත් එම ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත මහතා පසුගියදා ප‍්‍රකාශ කළා.
                         ජාතික නිදහස් පෙරමුණ මොනරාගල දිස්ත‍්‍රික්කයට සන්ධානය සමඟ එක්ව තරඟ කිරීමට තීරණය කළේ ඒ සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුවයි.

No comments:

Post a Comment