Monday 18 August 2014

පවුල් දේශපාලනය අවසන්...නාමල්ගෙන් එළිපිටම ශෂේන්ද්‍ර ට බැනුම්

ඌව පළාත් මැතිවරණයත් සමඟම රාජපක්ෂ පවුල තුළ ඇති දේශපාලන බල අරගලය එළියට ඒමට පටන්ගෙන ඇති බව තහවුරු කරන අළුත්ම සාධකය ශ්රී  ලංකා නිදහස් පක්ෂ සම්මේලනය බදුල්ලට ගෙන ඒමට තීරණය කිරීම බව ආණ්ඩුවේ අභ්යීන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ශෂීන්ද්රි රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර ඇති වී තිබෙන අභ්යඑන්තර අරගලයෙන් ශෂීන්ද්ර  රාජපක්ෂ පරාජය කිරීමට යොදා තිබෙන සැළසුම් කිහිපයක එක් අංගයක් ලෙස මෙය වාර්තා වේ.
පසුගියදා ඌව පළාත් සභාවට අණ්ඩු පක්ෂය වෙනුවෙන් නාමයෝජනා බාරදීමෙන් පසු අනුර විධානගමගේ පැවැත්වූ නීති විරෝධී රථ පෙළපාලියට ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථ යොදවා ඇත්තේද රාජපක්ෂ පවුලේ අවබෝධයෙන් බව පැවසේ. ඌව මහඇමති වශයෙන් නම් කර ඇති ශෂීන්ද්ර  රාජපක්ෂට වඩා බදුල්ලෙන් වැඩිම මනාප අනුර විදානගමගේට ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ මැතිවරණ ප්ර්චාරක කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂ මැදිහත් වන බව පැවසේ. ඒතුළින් බදුල්ලට මහ ඇමතිධූරය ලබාගැනීමට සැළසුම් කර ඇති අතර මහ ඇමතිධූරය නොලැබී ගිය පසු ශෂීන්ද්රු රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් වීමට සැළැස්වීම එම සැළසුම බව වාර්තා වේ.
මොනරාගල දිස්ත්රි ක්කයේ මැතිවරණ ප්රවචාරක කටයුතු වෙනුවෙන් මැදිහත් නොවීමට නාමල් රාජපක්ෂ තීරණය කර ඇති අතර ඌව පළාත් මැතිවරණය තුළදී පළාතේ මැතිඇමතිවරු හරහා ශෂීන්ද්ර  රාජපක්ෂව විවේචන කිරීමට ඉහළින්ම අවසර දී ඇතැයි පැවසේ. පසුගියදා දිනපතා පුවත් පතක් සමඟ පැවති සාකච්ඡාවකදී ශෂීන්ද්රි රාජපක්ෂ පවසා සිටියේ ඌව පළාත සම්බන්ධව ආණ්ඩුව ඉදිරිපත් කර ඇති සංඛ්යාෂ ලේඛණ පට්ටපල් බොරු බවය. ඔහු එසේ පවසා ඇත්තේ පවුල තුළින් මතු වී ඇති මෙම සැළසුමට එරෙහිව බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

No comments:

Post a Comment