Thursday 21 August 2014

බදුල්ලේ ඌව පරණගම දී බුද්ධ්දසලාගෙන් විපක්ෂයට හයිරම්

ඌව පරණගම ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලූයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට ඇත්තේ ආර්.ඩී.ආරියදාස මහතා ට අයත් එළවළු වෙළදසලක කොටසකය. එජාප කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිණි තබා ඇත. ප්‍රහාරයෙන් වෙළදසැල සහ යූපී ඩබ්ජී 4629 දරණ ත්‍රී රෝද රථය සහමුලින්ම විනාශ වී තිබේ

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර පවසන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂ ඒ.එම්. බුද්ධදාස ග් ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි.

'එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගේ සහභාගීත්වයෙන් අප මෙම ස්ථානයේ සාර්ථක රැස්වීමක් පැවැත්වූවා. එයින් පසුව එම රැස්වීම සංවිධානය කළ අයට රාත්‍රි කාලයේ ජීප් රථ වලින් පැමිණි කණ්ඩායම් තර්ජනය කරනවා' යැයි ද කන්නංගර පවසයි.

පළාත් සභා මැතිවරණය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩක්‍රියා 4 ක් වාර්තා වී ඇත. හාලිඇල ප්‍රදේශයෙන් 2 ක්, මහියංගනය 1 ක් සහ ඌව පරණගම එකක් ලෙස මෙම සිදුවීම් වාර්තා වී ඇත. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකක් වාර්තා වී ඇති අතර ඒ වැල්ලවාය හඳපානාගල එක් ප්‍රචණ්ඩක්‍රියාවක් සහ කතරගමින් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස ප්‍රචණ්ඩත්වය වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

No comments:

Post a Comment