Monday 21 October 2013

ඇමැති ජනකගේ අමාත්‍යංශය වසා දමයි

insects eat docs
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට අයත් වටිනා ලිපි ලේඛන මාස ගණනාවක්‌ තිස්‌සේ කාවුන් සහ වේයන් කා දමා විනාශ කිරීම නිසා කාවුන් සහ වේයන් මර්දනයට ඊයේ (21 දා) සහ අද (22 දා) ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වසා දැමීමට රජය තීරණය කර තිබේ.

මේ පිළීබදව අදහස්‌ දක්වා ඇති ඉඩම් ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ අමාත්‍යාංශයේ තිබෙන ලේඛන ආරක්‍ෂා කිරීම සඳහා රජය මෙම තීරණය ගත් බවයි.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා

“බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ලේඛනාගාරයේ ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තු ලේඛනාගාරයේ සහ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තු ලේඛනාගාරයේ වටිනා ලිපි ලේඛන විශාල ප්‍රමාණයක්‌ කාවුන් සහ වේයන් කා දමා තිබෙනවා. මේ නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවසරය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත කාවුන් සහ වේයන් මර්දනයට මොස්‌රින් නම් රසායනික ද්‍රව්‍ය යෙදුවා. මෙය ඉතා විෂ නිසා සේවකයන්ට රාජකාරි කිරීමට බැහැ.එම නිසා ඉඩම් අමාත්‍යාංශයේ සියලු සේවකයන්ට ඊයේ සහ අද නිවාඩු ලබා දුන්නා.“

No comments:

Post a Comment