Wednesday 25 December 2013

එ.ජා.ප.යෙන් මහා කණු 3ක් බස්නාහිරට

බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස රවී කරුණානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කොට කළුතර දිස්ත්‍රික්කයට පාලිත තෙවරප්පෙරුම මහතාත්, ගම්පහ දිස්ත්‍රික්කයට රන්ජන් රාමනායක මහතාත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එජාපය තුළ සාකච්ඡා කෙරෙන බව එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අනාවරණය කළේය.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් තිදෙනා සමගද කතිකා කොට අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු පැවැසීය.
මේ අතර ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයින් නම් කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තුරු අපේක්ෂකයින් නම් කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී ඇති බවද දැන ගන්නට ඇත.

No comments:

Post a Comment