Tuesday 3 December 2013

ඇමරිකාවෙන් තවත් කනේ පහරක්...

යුද සමයේදී සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන්නැයි එල්ල වන බලපෑම්වලට ශ්‍රී ලංකා රජය යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් එය ජාත්‍යන්තරයේ ඉවසීම අඩුවීමක් වනු ඇතැයි අමෙරිකාව ද අනතුරු අඟවයි. 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් හා දකුණු ආසියානු කලාපය භාර නියෝජිත නිෂා බිසාවල් මහත්මිය මෙම අනතුරු ඇඟවීම ඊයේ සිදුකර ඇත. 

ඒ වොෂින්ට‍නයේදී මාධ්‍යවේදීන් අමතමිනි. 

මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳ පරීක්ෂණ සිදුකරන ලෙසට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද ශ්‍රී ලංකා රජයට අවසන් කාලසීමාවක් දුන් බව බිසාවල් මහත්මිය එහිදී පෙන්වාදී තිබේ. 

පරීක්ෂණ නොකෙරෙන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට සහය දෙන බව කැමරන් කියා සිටි බවද ඇය සඳහන් කර ඇත. 

ඒ අනූව ශ්‍රී ලංකා රජය මේ හා සම්බන්ධ පරීක්ෂණ සඳහා ශක්තිමත් පියවරක් තැබිය යුතු බව අය අවධාරණය කර තිබේ. 

පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කළ උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ එහිදී වැදගත් බව ද පෙන්වාදී ඇති ඇය ඒ අනූව පරීක්ෂණ ඉදිරියට ගෙනයාම වැදගත් බව කියා ඇත

No comments:

Post a Comment