Wednesday 25 December 2013

උපවාසයේ නිරත මන්ත්‍රී තෙවරප්පෙරුම ඇතුළු පිරිසට ප්‍රහාරයක්

උපවාසයේ නිරත මන්ත්‍රී තෙවරප්පෙරුම ඇතුළු පිරිසට ප්‍රහාරයක්
බදුරලිය රෝහල ඉදිරිපිට  උපවාසයේ නිරතව  සිටි තමන් ඇතුළු පිරිසට ප්‍රහාරයක් එල්ල වූ බව  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
දින කිහිපයක සිට වසා දමා ඇති  බදුරලිය රෝහල නැවත විවෘත කරන්නැයි, ඉල්ලමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබිණ.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ,  බස්නාහිර දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා විරෝධතාවයේ නියුතු ස්ථානයට ගොස් විරෝධතාවය විසුරුවා හැරි බව ය.
ඔහු සඳහන් කළේ, මාර්ගය හරස් කරමින් විරෝධතාකරුවන් කටයුතු කරන බවට ජනතාව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇති බව ය.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment