Wednesday 18 December 2013

ජනප්‍රිය නිළියගේ,නිලි මස් කන ඇමතිවරයා තමයි මෙයා----රන්ජන්


දඩමස් : එක ටෙලිනාට්‍යය කොටසකට 50,000 ක් 

නිලිමස් : ටෙලියේ ප්‍රධාන නිළිය ජයික්හිල්ටන් හෝටලයට 

ටෙලි නාට්‍යයක් රූපවාහිනී නාලිකාවක ප‍්‍රදර්ශනය කිරීම සදහා එහි එක් කොටසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකුගේ ගිණුමකට රු. 50,000/-ක් බැගින් තැන්පත් කිරීමට සිදුව ඇති බව පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හෙළි කළා.

එපමණක් නොව එම නාට්‍යය පෙන්වීමට නම් එම නාට්‍යයේ ප‍්‍රධාන නිළිය ඇමතිවරයෙක් හා යහන් ගතවීමට ජයික් හිල්ටන් හෝටලයට යැවීමට සිදුව තිබෙන බවද ඔහු හෙළි කරන ලදි. 


ඔහුගේ එම හෙළිදරව් කිරීමේදී ස්ථාවර නියෝග යටතේ එසේ පාර්ලිමේතු මන්ත්‍රීවරයෙකුට චෝදනා කිරීමට නොහැකි බව පෙන්වා දීමෙන් පසු රන්ජන් රාමනයාක විසින් ඇසුවේ එම ඇමතිවරයාට "රඹුක්" යනුවෙන් අමතුවාට කම් නැද්ද යනුවෙනි. එහි සම්පුර්ණ කතාව පහතින් බලන්න 

"පහුගිය අගෝස්තු 6 වෙනිදා අපේ හිටිය ජනාධිපති උපදේශකලා දෙන්නෙකුයි, පාර්ලිමේන්තු මංත්‍රීවරියකුයි ගිහිල්ලා අරලියගහ මන්දිරේ අපේ රජ ගෙදර අපේ අතිගරු ජනාධිපතිතුමාව හම්බ වෙලා කලා ක්ෂේත්‍රයේ සිදුවන මේ ව්‍යසනය පැහැදිළි කළා. ලිඛිතව ඉදිරිපත් කලා.

මම කියන්නම්. මේක මඩ ගැහිල්ලක් නෙවෙයි. මේක කලා ක්ෂේත්‍රයේ භයානක ආරංචියක්. අද මේ බැල්කනියෙත් ඉන්නවා කලාකරුවෝ. මට මේක කියන්න කියලා ඒ අයත් ඉල්ලීමක් කළා. මේකයි ඇත්ත කතාව. අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ටෙලි නාට්‍යයක් දාගන්න අපේ කලාකරුවෝ කොච්චර මහන්සි වෙනවද? අද ඒ ටෙලිනාට්‍යය පෙන්නගන්න අල්ලස් දෙන වෙලා තියනවා.

ගරු සභාපතිතුමනි, අද ඇමතිවරයෙක් ඉන්නවා. මම උපදේශක කාරක සභාවේ දේවතාවක් මේ ගැන කිව්වා. මාලනී ෆොනේකා කියන නිළි රැජින ඉද්දී කිව්වා. මම මේ කියන්න යන භයානක ආරංචිය මොකක්ද?

අද දඩමස් හා නිළි මස් කියන දේ පලාපොරොත්තු වෙනවා. මේ දඩ මස් කියන්නේ මොනාද? නිළි මස් කියන්නේ මොනාද? දඩ මස් කියන්නේ, එපිසොයිඩ් එකට රු. 50,000 ගානේ දඩ අරගන මහනුවර තියන ගිණුමකට දාන්න කියනවා. මේක මම බොහෝම වගකීමෙන් කියන්නේ.

නුවර ගිණුමේ නම xxxxx පදනම. දැන් මේ පදනමට පනස්දාහා ගානේ දාන්න ඕනේ. ගරු නිමල් සිරිපාල ඇමතිතුමනි, කැත වැඩක් මේක නවත්තන්න ඕනේ. මේක අතිගරු ජනාධිපතිතුමත් දන්නවා. මාලනී ෆොන්සේකාත් දන්නවා. ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයත් දන්නවා, රෝහන වීරසිංහත් දන්නවා සියළු දෙනා දන්නවා.

ඇයි මේ අහිංසක කලාකරුවන්ගෙන් එපිසොඩ් එකකට 50,000 ගානේ ගන්නේ? ඇයි මේ දඩ මස් ගන්නේ? ඇයි මේ නිළි මස් ගන්නේ?

නිළි මස් කියන්නේ මොනවද?

නිළි මස් කියන්නේ ප්‍රධාන නිළියවත් ජයික් එකට ගේන්න කියනවා. මේක පුදුම තත්ත්වයක්. ප්‍රධාන නිළියවත් ඉල්ලනවා, පනස්දාහකුත් ඉල්ලනවා.

(මංත්‍රීවරයෙක් කතාවට බාධා කරයි )

නෑ නෑ ඔබතුමාට දියවැඩියාව. ඔබතුමා ඉල්ලුවේ නෑ. ඔබතුමාට දියවැඩියාව අපි දන්නවා. ඔබතුමා නෙවෙයි ඉල්ලුවේ. නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලුවේ. මෙන්න මේකයි අලුත්ම තත්ත්වේ.

මේක නවත්තලා දෙන්න කියලා මම අපේ කලා කටයුතු පිළිබඳ ඇමති ටීබී ඒකනායක මැතිතුමාගෙනුයි, අපේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා මේ ගැන දන්නවා නම්, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමතිවරයා මේක දන්නවා නම්, එතුමාගේ නම විකුණලා හරි කවුරු හරි මේක ගන්නවා නම්, අපි දන්නේ නැහැනේ, මම කියන්නේ නෑ එතුමා කියලා.

එතකොට නිළිය ගන්නේ කවුද?

නිළිය ගන්නෙත් ඒ (කපා හරින ලදි ). ඒක අහන්න වෙන්නෙත් කලා ක්ෂේත්‍රයේ ඉන්න කට්ටියගෙන්ම තමයි. මේක කවුරුත් දන්න තිත්ත ඇත්ත.

අනුර ප්‍රියදර්ශන යාපා : මේ සභාවේ ඉන්න මංත්‍රීවරයෙකුගේ නමක් මෙතුමා කියනවා නම් ඒක එතුමාට පිළිතුරු දෙන්න පුළුවන් වෙනත් ආකාරයකට ඇසිය යුතුයී


නියෝජ්‍ය කතානායක: පාර්ලිමේන්තුවේ යම් ගරු මංත්‍රීවරයෙකුගේ නම කියනවා නම්, පාර්ලිමේන්තු වාර්තාවෙන් එකී නම් ඉවත් කිරීමට තීන්දු කරනවා

රන්ජන් රාමනායක: ගරු සභාපතිතුමනි, අද විෂය තියනවා 'සංස්කෘතික හා කලා". ඒ ඇමතිවරයා අද සභාවට එන්න බැඳී සිටිනවා. එතුමා එන්නෙත් නැත්නම් එතුමගේ නම අපි කොයි අවස්ථවෙද කියන්නේ?

කලා ක්ෂේත්‍රයේ ප්‍රශ්නය මම කාටද ඉදිරිපත් කරනෙන එතකොට? නම කියන්නේ නැතුව සැඟවුණු අමුත්තෙකුගේ නමක් කියන්නද මම?

(රඹුක් රඹුක් යැයි පසුබිමෙන් ඇසෙයි )

එතුමා ගැන කිව්ව ගමන් අපේ තිලංග සුමතිපාලට තර්ජනය කරනවා, ඒ පත්තර වලට තර්ජනය කරනවා. හරි කනගාටුදායක තත්ත්වයක්.

එම වීඩියෝව පහතින්



No comments:

Post a Comment