Tuesday 17 December 2013

සජිත් ගන්නා අවසාන දේශපාලන තීන්දුව අද...තීරණාත්මකයි...

එක්සත් ජාතික පක්ෂනායකත්ව මණ්ඩලය අද (17 දා) පෙරවරුවේ රැස්වුයේ සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්ව මණ්ඩලයට එක්වීමට අවස්ථාවක්‌ සලසාදීමට වුවද මෙවර ද සජිත් ඊට සහභාගී නොවිය.
එම නායකත්ව මණ්ඩලයේ ප්‍රධාන පෙළේ සාමාජිකයකු හෙළි කළේ තවදුරටත් සජිත් වෙනුවෙන් බලා සිටිය යුතු ද යන්න දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.
සජිත්ට තවත් එක අවස්ථාවක් දියයුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය යෝජනා කිරීමෙන් අනතුරුව 18 වනදා පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී නායකත්ව මණ්ඩල රැස්වීමක් කැඳවා ඊට සහභාගී වීමට අවකාශ සැලසීමට අවසන් වශයෙන් තීරණය කර තිබේ.

මේ පිළිබඳව 17 දා දහවල් වනවිට සජිත් නිල වශයෙන් දැනුම්වත් කළ බව ද පෙරකී ආරංචි මාර්ග පැවසිය.

පක්ෂනායකත්ව මණ්ඩලයේ සාමාජිකාවක ලෙස නම්කර ඇතත් ඊට මෙතෙක් සහභාගී නොවූ තලතා අතුකෝරාල මහත්මිය ලබන 20 වනදා පක්ෂනායකත්ව මණ්ඩලය හමුවන බව දනුම් දී ඇති අතර එය අද ස්ථිර කරමින් 20 දා පස්වරු 3 ට නායකත්ව මණ්ඩලය හමුවිය හැකි බව තලතා අතුකෝරාල මහත්මිය වෙත දැනුම් දුන් බව ද අනාවරණය කෙරිණි.

මේ අතර එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පෙනී සිටින උලපොනේ සුමංගල හිමියන් රුපවහිනි නාලිකා දෙකක් හමුවේ ප්‍රකාශ කළේ එක්සත් නායකත්ව මණ්ඩලයට නියෝජිතයන් නම් කිරීම පිළබඳ ව දැනටමත් ප්‍රකාශයට පත්වී ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඕනෑම අවස්තාවක සජිත් ප්‍රේමදාස එම මණ්ඩලයට සහභාගී කරවිය හැකි බවයි.

No comments:

Post a Comment