Tuesday 17 December 2013

ශ්‍රී.ලං.නි.ප ය කොලොන්න ආසනය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දෙයිද ?දුමින්දට............

ජනාධිපතිගේ වෘත්තීය සමිති කටයුතු භාර අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියදී ඝාතනයට ලක්වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එළඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති ධුර අපේක්ෂකත්වය බලාපොරොත්තු වන බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ කෙන්යා සංචාරයෙන් අනතුරුව මේ පිළිබද යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සදහා ජනාධිපතිවරයා එකඟ වන්නේ නම් ලබන මස 06 වෙනිදා පැවැත්වෙන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නඩුවෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවේ හිරුණිකා තම වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

හිරුණිකා දේශපාලනයට පිවිසේනම් ඇයට සහය වීමට ශ්‍රීලනීප ප්‍රබලයන් කිහිප දෙනකුම මේ වන විට පොරොන්දු වී තිබෙන අතර ඇයට පහසුවෙන් මේ මැතිවරණය ඉහළ මනාප සංඛ්‍යාවක් ලබා ගෙන ජය ගත හැකි බවද මේ පිරිස ගනන් හිලව් ඇතිව පෙන්වා දී ඇති බවද දැන ගන්නට තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ මව මේ වන විට ජනාධිපති උපදේශකවරයෙක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැ‍ටුපක් ලබයි.

No comments:

Post a Comment