Monday 2 December 2013

අනෝමා ෆොන්සේකා බස්නහිර මහා ඇමති පුටුවට...?

මීළඟ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ඇමැති අපේක්ෂිකාව වශයෙන් අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් වීමට නියමිත බව පැවසේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඇය සඳහන් කළේ තමන් හෝ පක්ෂය හෝ ඒ පිළිබඳව මතෛක් කිසිදු තීරණයක් ගෙන නැති බවය. කෙසේ වෙතත් බස්නාහිර පළාත් ජනතාව අතරින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව සලකා බැලීමටද තමන් සූදානමින් සිටින බව අනෝමා ෆොන්සේකා පැවසුවාය.

මැද කොළඹ ප්‍රදේශයේ උපත ලද කාන්තාවක වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව කෙරෙහි තමන් තුළ වැඩි ආකර්ෂණයක් පවතින බවද ෆොන්සේකා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය

No comments:

Post a Comment