Thursday 19 December 2013

රනිල් බස්නාහිරට..,සජිත් දකුණට ....

එළබෙන බස්නාහිර හා දකුණු ළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමැති අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කරනු ලැබු නම් කිහිපයක් මේ වන විට නායකත්ව මණ්ඩලයට නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

එසේම මහ ඇමැති අපේක්ෂකයා තේරීමේ බලයද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂ නායකත්ව මණ්ඩලය වෙත පවරනු ලැබ තිබේ.

මේ අතර අද පැවැති මාධය හමුවකදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ තමන්ට මහා ජන බලයක් තිබෙන්නේ යැයි කියන සජිත් ප්‍රේමදාස මහතා දකුණු පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරි පත්වන්නේ නම් තමා බස්නාහිර මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර මහ ඇමැති වූවා සේ හැකිනම් සජිත් ප්‍රේමදාසට දකුණේ මහ ඇමැතිවී පෙන්වන ලෙසට ඔහු අභියෝගයක්ද කළේය

No comments:

Post a Comment