Wednesday 25 December 2013

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ලිංගික තහනමක්...

24 හැවිරිදි එක්දරු මවක් එන්නතක් විෂ වි මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන පවුල් සැලැසුම් එන්නතක් වන depo tone එන්නත භාවිතය හා අලෙවිය අඟහරුවාදා (24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පුරා සම්පූර්ණයෙන් නවතා දැමීමට විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බව ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

කල්පිටියේ පදිංචි 24 හැවිරිදි මවක් වන මේරි නිරෝමා නැමැති කාන්තාව සඳුදා(23) සවස කල්පිටිය දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මෙම depo tone නැමැති පවුල් සැලැසුම් එන්නත එන්නත් කර ගැනීමෙන් පසු මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක පරිදි ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලූම ඖෂධ සැල් හා පුද්ගලික ප්‍රතිකාර ස්ථානවල දැනට තිබෙන මෙම එන්නත ඖෂධ අධිකාරියේ නිලධාරීන් මගින් එම නිලධාරීන් භාරයට ගැනීමට නියෝග කර ඇති බව ද වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සහා විශේෂඥ වෛද්‍ය කණඩායමක් පත් කර ඇති බවත් එම කණ්ඩායම කල්පිටිය අදාළ සිද්ධීයට තුඩු දුන් වෛද්‍ය මධ්‍යස්ථානය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව ද මිය ගිය කාන්තාවගේ පවුලේ අය හමු වී තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව ද පැවැසී ය.
මෙහිදි වෙනත් පවුල් සැලැසුම් එන්නතක් ලබා ගැනීමට ජනතාවට හැකියාව තිබේ දැයි යන්න පිළිබ කළ විමසුමේ දී අධ්‍යක්ෂවරයා පවසා සිටියේ රජය මගින් නිර්දේශ කළ වෙනත් එන්නත් තිබෙන බවත් ඒ නිසා ජනතාව බියට පත් නොවිය යුතු යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
කීර්ති ශ්‍රී බඹරබැද්ද පුත්තලම විශේෂ

No comments:

Post a Comment