Tuesday 24 December 2013

වත්මන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගිය මගම යයි..

ජනාධිපතිතුමා හා අගවිනිසුරු මොහාන් පිරිස් අතර අලූයට ගිනි මෙන් පවතින ගැටුම මඳක් නිවී ගිය බව පෙන්වූව ද මොහාන් පීරිස්ගේ රහස් දැන ගැනීමට විශේෂ උපකරණ සහිත හමුදා ඔත්තුකරුවන් දෙදෙනෙක් ඊයේ සිට රහසේ යොදවා ඇතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වාර්තා කරයි. සාමාන්‍යයෙන් විනිසුරු ආරක්ෂාවට යොදවන්නේ පොලිසියට අනුයුක්ත අධිකරණ ආරක්ෂක කොට්ඨාශයේ (ෙජ්.එස්.ඩී.) පොලිස් නිලධාරීන් ය. අගවිනිසුරුවරයාටද එලෙසමය. මොහාන් පීරිස් පත්වීමෙන් පසු අතිරේකව එස්ටීඑෆ් භට කණ්ඩායමක්ද ආරක්ෂාවට යොදවා තිබිණ. එස්ටීඑෆ් භටයන්ද අයත් වන්නේ පොලිසියටම ය. ඊයේ (23) සඳුදා සිට අගවිනිසුරුවරයා වෙත යොදවා සිටින ෙජ්.ඩී.එස්. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඉවත් කර යුද හමුදා විශේෂ බුද්ධි ඒකකයට අයත් හමුදාවේ දෙදෙනෙක් පොලිසියේ දෙදෙනෙක් සේ අඟවා මොහාන් පීරිස්ට හොරා යොදවා තිබේ. ඔවුන් දෙදෙනා නම් යු.හ.වි.බු. ඒකකයේ ලාන්ස් කෝප්‍රල් එස්.ඩී.ආර්.සිල්වා (16431) යු.හ.වි.බු. ඒකකයේ සාමාන්‍ය සෙබල බී.ආර්.යූ. ජයමාන්න (27359) වේ. ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත මෙම මෙහෙයුම පොලීසිය පාර්ශවයෙන් මෙහෙයවා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ඨ විසිනි. හමුදා බුද්ධි නිලධාරීන් සතු විශේෂ උපකරණද රැගෙන මොහාන් පසුපස යෑමට වාකිෂ්ඨ විසින් පොලිස් අවසරය දී තිබේ. මෙම විශේෂ උපකරණ කුමන වර්ගයක ඒවාද යන්න පොලිසියේ සාමාන්‍ය ෙජ්.ඩී.එස්. නිලධාරීන් නොදනී. එපමණක්ද නොව ඉහත හමුදා බුද්ධි අංශ දෙදෙනා හමුදාවේ අය බව ද සාමාන්‍ය ෙජ්.ඩී.එස්. නිලධාරීන් නොදනී. මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පත් කිරීමෙන් පසුව රාජපක්ෂවරුන් සමග පළමු ආරෝව හටගත්තේ නාමල්රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ විභාගය හොරට ලියා සමත් කරදුන් නීති විදුහලේ විදුහල්පතිවරයා සම්බන්ධයෙනි. විදුහල්පති තම පුතාද එලෙසම පාස් කරන්නට ගොස් හසුවීමෙන් ඔහුව තනතුරින් ඉවත් කිරීමට මොහාන් පීරිස් කටයුතු කිරීම රාජපක්ෂලාට එල්ල කළ අතුල් පහරක් විය. ඉන්පසුව "මේ පිස්සා කියන හැමදේම කරන්න බැරි" යැයි මොහාන් පීරිස් මරා සම්බන්ධයෙන් කී කතාවක් මරාට ආරංචි වීමෙන් තත්ත්වය තවත් උග්‍ර විය. ඒ අතරවාරයේ නාමල් හොරට ලියූ පිලිතුරු පත් සියල්ල මොහාන් පීරිස් විසින් තමා භාරයට ගත්තේය. අගවිනිසුරුවරයාට ජනාධිපතිවරයා හෝ දුරකථනයෙන් අමතා උපදෙස් දීම අධිකරණයට ඇඟිලි ගැසීමක් ලෙස සැලකෙද්දී  රාජපක්ෂවරුන් දුරකථනයෙන් අමතා මොහාන් පීරිස් ට නඩු ගැන බලපෑම් කිරීමද ඔහුගේ කලකිරීමට හේතුවක් විය. "අගවිනිසුරු ධූරය දරන මගේ ස්වාධීන රාජකාරියට ඇතැම් පාර්ශවයන් දුරකථනයෙන් පවා බලපෑම් කරනවා" යි ඔහු ප්‍රසිද්ධියේම එය ප්‍රකාශ කෙළේය. මෙවැනි පසුබිමක රාජපක්ෂ අයියා මලෝ වරුන් මොහාන් පීරිස් අබියසට ඊයේ සිට ආරක්ෂකයන් මුවාවෙන් ඔත්තු කරුවන් යොදවා තිබේ. ඔවුන් ඔත්තු බැලීම පමණක් කරනවාද? නැතිනම් මොහාන් පීරිස්ට අනතුරක් කිරීමට කුමන්ත්‍රණය කරනවාද

මුලාශ්‍රය:- ලංකා ඊ නිවුස් 

No comments:

Post a Comment