Tuesday 3 December 2013

ඇමති ගාමිණි ලොකුගේත් පරාද වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානය ,ශ්‍රී.ලං.නි.ප යේ කැස්බෑව ආසන සංවිධායක ඇමති ගාමිණී ලොකුගේ මහතාට  අයත් කැස්බෑව නගර සභාවේ 014 වසර සඳහා වන අය වැය පරාජයට පත්ව තිබේ. නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අයවැය සඳහා වූ ඡන්ද විමසීමේදී ඊට විපක්ෂව ජන්ද 08ක් ලැබී ජන්ද 06ක් පමණක් පක්‍ෂව ලැබිණ.
මීට පෙර අවස්ථා කිහිපයකදී පළාත් පාලන ආයතන වල අය-වැය ගණනාවක් පරාජයට පත් වූ අතර පළාත් පාලන ආයතන වල අයවැය පරාජයට පත් කිරීමට සහයෝගය දෙන තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට පෙර පවසා තිබිනි.

No comments:

Post a Comment