Monday 2 December 2013

ඇමරිකාව ඇතුළු රටවල් ලංකාවට කටින් පහර දීමේ සුදානමක්....

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විශාල ගැටළුවක් මතු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ආභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සදහන් වෙයි.ඊට හේතුව වී තිබේනුයේ පකිස්ථානය සමග පවත්නා සම්බන්ධතාව ,ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත් ටෙන්ඩරය පකිස්ථානය වෙත ලබා දීමත් සමග සමීප වීමයි.මේ සම්බන්ධව ඇමරිකානු තානාපති කාර්යාලයද වඩාත් අවධානයෙන් සිටින බව වාර්තා වෙයි.මන්ද පකිස්ථානය යනු ත්‍රස්තවාදීන්ට නිජ බිම් ලබාදෙන රාජ්‍ය වලින් එකක් ලෙස මුළු ලෝකයම හදුනාගෙන  ඇති බැවිනි.එවැනි රටකට යුද්ධය අවසන් වූ දේශයක ජාතිකත්වය විකුණා ,ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත් ටෙන්ඩරය ලබා දීම නොකළයුතු දෙයක් බවට ශ්‍රී ලංකිකයන් තුලින් ජනමතයක් ගොඩ නැගී ඇති අවස්ථවක ,එය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අහෝසි නොකොට ,ඒ වෙනුවෙන් ප්‍රති උත්තර දිම හේතුවෙනි.මේ නිසා ඇමරිකාව ඇතුළු වෙනත් යුරෝපිය රටවල්ද,ශ්‍රී ලංකාවට හිතවත් ඇමරිකාව පසමිතුරු රටවල්ද ,මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කිරීමට ඇති බව විදේශ  කටයුතු අමාත්‍යංශයේ නිරන්තර කසු කුසුවක මේ දින වල පැවතෙන බව ආරංචි වෙයි.

No comments:

Post a Comment