Wednesday 25 December 2013

පළාත් මහා ඇමතිවරු පිල්වරුවකට සැරසෙන හැටි.........

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණ සහ බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට මහ ඇමැති අපේක්‍ෂකයන් නම් කිරීම සම්බන්ධව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා එක්‌සත් ජාතික පක්‌ෂය යන ප්‍රධාන පක්‌ෂ දෙකෙහි අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ හටගෙන ඇත.

ඉහත පළාත් සභා දෙක සඳහා එක්‌ පක්‌ෂයකින් මහ ඇමැති අපේක්‌ෂකයන් දෙදෙනකු ඉදිරිපත් කළ යුතු වුවත් මේ වනවිට අපේක්‍ෂකයන් රැසක්‌ ඉල්ලුම් කිරීමත් ඔවුන් එකිනෙකා පරයා යැමට උත්සාහ කිරීමත් නිසා මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇත.


දේශපාලන පිල් මාරුවකින් පැමිණෙන ජනප්‍රිය චරිත මහ ඇමැති අපේක්‌ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙකම සැලසුම් කර තිබියදී එම පක්‌ෂවලට අයත් මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් රැසක්‌ එම ධුරය සඳහා ඉල්ලුම් කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

දකුණු පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහ ඇමැති අපේක්‍ෂක ධුරය සඳහා එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රබලයකු ගැනීමට සන්ධානය උත්සාහ කරන අතර බස්‌නාහිර පළාතේ එ.ජා.ප. මහ ඇමැති අපේක්‌ෂක ධුරය සඳහා ආණ්‌ඩුවේ ප්‍රබලයකු ගැනීමට එජාපයේ සැලසුම වී තිබේ.

මේ තත්ත්වය මත දකුණු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‍ෂක ධුරය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන් තිදෙනෙක්‌ තරගයක නියෑළී සිටීමත්, බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති අපේක්‌ෂක ධුරය සඳහා එම පක්‌ෂයේම මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් හතර දෙනකු අතර තරගකාරි තත්ත්වයක්‌ හටගෙන තිබීමත් නිසා එම පක්‌ෂ දෙකේම අභ්‍යන්තර අර්බුද උත්සන්න වී ඇත.

No comments:

Post a Comment