Wednesday 4 December 2013

අගමැති සටනේ අලුත් මුහුණ...?

ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම තමන් ශ‍්‍රී ලංකාවේ අගමැතිවරයා වන දිනය ගැන ඉඟි පල කරයි.
අගලවත්ත වෙදවත්ත ප‍්‍රදේශයේ නව පාලමක් වෘත කිරීමේ අවස්ථාවකදී අමාත්‍යවරයා කියා සිටියේ තම පුත‍්‍රයා ඉදිරියේදී පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වන දා තමන් අගමැති ධුරයේ වැඩ කටයුතු කරනු ඇති බවයි.
මේ අතර එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ඇමති වෙල්ගම මහතාගේ පුත‍්‍රයාද තරඟ වදිනු ඇතැයි කළුතර දිස්ත‍්‍රික්කයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
‘යං මතුගම යං’ යනුවෙන් දැනටමත් ඒ සඳහා වන පෝස්ටර් ව්‍යාපාරයක් වෙල්ගම පුත‍්‍රයා විසින් ආරම්භ කර ඇතැයිද පවසන එම ආරංචි මාර්ග ඔහු පහසු ජයක් ලබා මන්ත‍්‍රී ධුරයක් ලබා ගනු ඇතැයිද කියයි.
කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රකාශය සහ කළුතර දිස්ත‍්‍රික්කයේ දේශපාලන තත්වය සැලකීමේදී මෙරට මීළඟ අගමැතිවරයා කුමාර වෙල්ගම මහතා විය හැකි යයි සිතිය හැක.

No comments:

Post a Comment