Tuesday 3 December 2013

රණතුංග පවුලේ දේශපාලනයට එකතුවෙන් අලුත් මුහුණ..ජෙනරාල් ෆොන්සේකාට

රාජා මහේන්ද්‍රන් මහතාගේ 'සිරස' නාලිකාවේ ප්‍රධානියකු වන, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සංජිව රණතුංග මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයෙදී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිතව ඇතැයි ඔහුගේ පවුලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නැයි එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඔහුගෙන් පෞද්ගලික ඉල්ලීමක් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට ෆොන්සේකා මහතා සංජිව රණතුංග මහතාගේ නිවසට ගොස්, දීර්ග වශයෙන් සාකච්ජා කර ඇත. එහිදී  සංජිව රණතුංග මහතාගේ බිරිඳ, තම සැමියා  දේශපාලනයට එම සම්බන්ධයෙන් බලවත් විරෝධයක් පළකර ඇත.
සංජිව රණතුංග දේශපාලනයට එක්වුවහොත්, ඔහුව හැර යන බවටද ඇය තර්ජනය කර තිබේ.
ඒ අනුව බිරිඳ ඉල්ලීමට එකඟවන්නේ ද? ෆොන්සේකා මහතාගේ  ඉල්ලීමට එකඟ වන්නේද ? යන අර්බුදයකට සංජිව රණතුංග මහතා මැදිව ඇතැයි පවුලේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රණතුංග පවුලේ සොහොදරයින් වන අර්ජුන, ප්‍රසන්න, රුවන් මේවනවිටත් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වී ඇති අතර, සංජිව ද ෆොන්සේකා මහතාගේ ආරාධනය පිළිගතහොත් ඔහුට බස්නාහිර මහ ඇමති සොයුරු ප්‍රසන්න සමග තරඟ වැදීමට සිදුවනු ඇත.
පසුගිය මහ මැතිවරණයේදී අර්ජුන රණතුංග මහතා, ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ නොකලේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඔහුගේ සොයුරු රුවන් රණතුංග තරඟ වැදුන හෙයිනි.
රණතුංග සහෝදරයින් අතරින් නිශාන්ත රණතුංග මහතා ක්‍රීඩා දේශපාලනයට එක්ව සිටින අතර, වැඩිමල් සොයුරු ධම්මික ඇමරිකාවේ පදිංචිව සිටියි.

No comments:

Post a Comment