Tuesday 3 December 2013

විග්නේශ්වරන් ආණ්ඩුවට එලවා එලවා පහර දෙයි.

උතුරේ රඳවා සිටින සන්නද්ධ සේනා අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරන මෙන් මහ ඇමැති සී වී විග්නේස්වරන් ලෝක නායකයන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.අභ්‍යන්තරිකව උන්හිටි තැන් අහිමි වුවන් සඳහා වන (Special Rapporteur on the Human Rights of InternallyDisplaced Persons)එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත චලෝකා බෙයානි (Chaloka Beyani )යාපනයේ දී හමු වී මෙම ඉල්ලීම කළ බවයි මහ ඇමැතිවරයා පවසන්නේ.
යුද හමුදාව ඉඩම් අක්කර හය දාහක් අත් පත් කර ගෙන සිටීමෙන් ජනතාව දුකට පත්වී සිටින ආකාරය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා සමග කතා කළ බවත් මහ ඇමැති විග්නේස්වරන් මාධ්‍ය වේදීන් අමතා ඊයේ සදහන් කලා
අවතැන්වුවන් පිළිබද සොයා බැලිම සදහා එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත මහාචාර්‍ය චාලොකා බෙයනි මහතා පස්දින නිළ සංචාරයක් සදහා දිවයිනට පැමිණියා.
පසුගිය 02වනදා ඔහු දිවයිනට පැමිණ තිබේ.එක්සත් ජාතින්ගේ සංවිධානය සදහන් කලේ මෙම සංචාරය අතරතුරදි මොහු උතුරු,නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිතව ඇති අතර ඉන්පසුව අභ්‍යන්තර අවතැන්වුවන් පිළිබද වාර්තාවක් සකස් කිරිමට නියමිතව තිබෙන බවයි.
යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්ක සදහා මෙහිදි විශේෂ අවධානයක් යොමු කරන අතර යුද්ධය පැවති කාල සිමාවේදි එම බලපෑම ඇතිවු සමාජ කණ්ඩායම් මෙහිදි හමුවි සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වන බෙයනි මහතා සදහන් කලේ,අභ්‍යන්තර අවතැන්විම් වලට කල්පවත්නා විසදුමක් සදහා අභියෝග හා අවස්ථා හදුනා ගැනිමද මෙහිදි සිදු කරන බවයි.

මහාචාර්‍ය චාලොකා බෙයනි මහතා 2014 වර්ෂයේ ජුනි මාසයේදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට අභ්‍යන්තර අවතැවුවන් පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

No comments:

Post a Comment