Wednesday 18 December 2013

උඩරට ''දස්කොන්'' ඇමැති රජ ද්‍රෝහිවීමේ වරදට මරණ දඩුවම හිමිවෙයි ....

ඔන්න ඉතින් ඒ දවස්වල අම්මලා පුතාලා ආච්චිලා තාත්තලා ඔක්කම සෙට් එකම එකතුවෙලා ටීවී රෑ බැලුවේ. දවසක් ඔන්න ඕකේ ගියා පට්ට ප්‍රෝග්‍රෑම් එකක්. කොච්චර පට්ටද කියනවනම් මට ඒකෙ නම මේ වෙනකම් මතක තිබුනා, මේ දැන් අමතක වුනා. ඉතින් ඕකේ ගියේ සිංදු ඈ. ඒක එදා දවසේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක්. ඕකේ ගායක ගායිකාවෝ එහෙම රඟපපා සිංදු කිව්වේ. ඔව් ඔව් බං. ඉස්සර එයාලා රඟපානවා කියන්නේ දැන් වගේ නෙවෙයි, ඒක හරිම ලොකු දෙයක් අපිට. දැන් ඉන්නේ සියල්ල දත් අයනේ බං. ඉස්සර හිටියේ ඒ ඒ උන් උන්ගේ සාස්තරේ කෙල පැමිණි උන්. ඒ නිසා ඒ අය රඟපෑවම ටිකක් ලොකු දෙයක්. 



කෝමහරි ඔය වැඩසටහනෙන් මට මතක නම් සිංදු තුනක් විතරයි ඈ. 

1. රාළ මමයි මුන්කොටුවේ බොහෝ කාලයකින් නොවැ දුටුවේ ( මෙන්න මේ සිංදුව හම්බවුනොත් පිංවතෙක් කියන්න මට)

2. පරසිදු කරලියැද්ද දුව කිරුළිස පැළැන්ද කුසුමාසන දේවිය දෝන කතිරිනා


ඔය දෙකම මට හොඳට මතක ඒකෙ ඒ ගායකයෝම කරපු තාත්වික රඟපෑම නිසා. එතකොට තුන්වෙනි එක මතක ඔන්න රඟපෑම් නිසා නෙවෙයි. :D අම්මා ඒකේ කතාව ඒ වෙලාවේ කියලා දීපු නිසා. ඒ සිංදුව ඔන්න ලපයකට සම්බන්ධයි. තාමත් මම මේ කියන ලපේ මීටර් නැත්නම් ඉතින් සොරිවෙලා ඉස්සරහටම යමු එහෙනම්. 




Posted Image





ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක මේ ලංකාවේ හිටියා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහකියලා රජ ඩයල් එකක්. හිත හොඳ මනුස්සයලු. :D ඉතින් මේ මනුස්සයා රජ කරන කාලේ පෘතුග්‍රීසි එක්ක යුද්ධ කරලා ඕලන්දකාරයෝ එක්ක ගිවිසුම් ගහලා හිටිය කාලයක්ලු. ඒ දවස් වල මොකද වෙන්නේ පුතා, ලැනරෝල් කියල ප්‍රංශ පොරක් එනවා ඔන්න රජාව ඔෆීෂියලි මීට් වෙන්න. රජාට මෑන්ව බොක්කට වදිනවා. කාලයත් එක්ක ඔන්න උට රජ බැලුම් වැටෙනවා. ඒ කිව්වේ ? ඒ කිව්වේ රජා මුන්දට දෙනවා කන්ද උඩරට තානාපතිකම.



ඔන්න මේ තානාපති උන්දගේ ඔෆීෂියල් අස්පයා බලා ගත්තේ "ද ගැස්‌කොයින්" (De Gascoyne) කියලා ඩයල් එකක්ලු. කෝමහරි මේකා ආපහු ප්‍රංශේට යනකොට වීසා අවුලක් නිසා මේ අස්පයා බලාගත්ත මනුස්සයට යන්න වෙන්නේ නෑලු. මුන්දා මොකද කරන්නේ මහනුවර නවතිනවා. නැවතිලා ඉන්න ගමන් ඔන්න කෑල්ලක් රන් කරන්න පටන් ගන්නවා. කොමහරි ඒ කෙල්ල සිංහල-පෘතුග්‍රීසි දෙන්නෙක්ට දූ වුනු "නෙස්‌ක්‍රිඤ්ඤා" කියලා කෙනෙක්ලු. ඉතින් මොකද වෙන්නේ මේ ලව් එක නැගලා ගිහින් මේ දෙන්න බඳිනවා. 



ඉතින් හනිමුන් යන්න ඔෆීෂියල් රෙකමන්ඩේෂන් අරන් මේ දෙන්නා හදනවා ළමයි දෙන්නෙක්. එකෙක් පුතෙක්, අනිකා දුවෙක්. දුව ගැන වැඩි විස්තරයක් නෑලු ඉතිහාසේ. හඃ හඃ පේනවනේ ඉතිහාසෙන් වුනත් චීත්ත අයින් කරලා තියෙන්නේ හඃ හඃ හඃ ඒ නිසා ඒ කෙල්ලව පැත්තකට දාමු. ඊට පස්සේ පුතා... අහ්හ් ඔන්න ඕකා තමයි අද දවසේ ප්‍රධාන කැරැට්ටුව වෙන්නේ. 



පුතාගේ නම "Gascoyne" (ගැස්‌කොයින්) . ඕවා ඉතින් කියවන්න පුළුවන් නම්ද බං නෑනේ. ඉතින් පස්සේ සිංහලට ඕක මුලින්ම "ගැස්කොන්" වෙලා එනවලු පස්සේ ඔන්න ඕක"දස්කොන්" වෙනවලු. වැඩේ කියන්නේ මේ දස්කොන් ගැන වෙනම කතාවකුත් තියෙයි. ඒ ඇවිල්ල අර රජාගේ වලියකදී මැරුම් කාපු ප්‍රතිකාල් සොල්ජර් කෙනෙක්ගේ දරුවෙක් කෝන් ගහක් යට දාලා ගිහින් හම්බවෙලා, පස්සේ ඒ කොල්ලට ගස්කොන් කියලා දාලා ඒක දස්කොන් වුනා කියලත් කියනවා ඈ. 



දැන් ඔන්න දස්කොන් ඉතින් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ වැලිවිට සරණංකර සඟරජ හිමියන්ගේ ගුරුවරයා වුනු කිත්සිරිමෙවන් රාජසුන්දර සාමණේරයන් (සූරියගොඩ සාමි)ගාවටලු. දස්කොන්ට සිංහල වගේම පෘතුග්‍රීසි භාෂාවත් හොඳට පුළුවන්ලු ආ. 



දැන් ආයේ එමු අර රජා ගාවට. රජාට හිටියලු ඔන්න රැජිනක් "ප්‍රමිලා" කියලා, ප්‍රමිලා ඔන්න රජාට මදුරාවෙන් ඉම්පෝර්ට්ඩ් කරපු කෑල්ලක්ලු. කට්ටියක් කියනවා ප්‍රමිලා ඇවිල්ල සාමාන්‍ය පවුලක කෙල්ලෙක් කියලා , අනිත් අය කියනවා එහෙම නෙවෙයිලු හොඳ වංශවත් පවුලක ළමයෙක් කියලා. ඉතින් වයලා වගේ වැඩි විස්තර නොකියා බහිමුකො ප්‍රධාන සීන් එකට එහෙනම්. 



දස්කොන් ඉතින් හොඳ කවියෙක්ලු. හැබැයි එහෙම කියලා ලියපු කවි නම් මහා ගොඩක් ඉතිහාසේ නෑලු. කෝම හරි කවියෙක්ලු ඈ. ඒ වගේම පොර සිංදුවා වගේ හැන්සම් පොරලු. දස්කොන් රජාට කොච්චර හිතට ඇල්ලුවද ඇහුවොත් කොල්ලට රජා දුන්නලු අදිකාරම්පට්ටමත්. රජාටත් ඉතින් හිටියේ ප්‍රමිලා ලේඩි විතරක් නෙවෙයිලු ඈ.. කීපයක්ම මිනිහත් ඇද්දලු. ඉතින් ඒ ඒ අයට රජවාසල් එහෙම තිබුනලු. කෝමහරි ප්‍රමිලා ළමයා හිටියේ හඟුරන්කෙත මාලිගාවෙලු. රජා වැඩිපුරම ඉඳලා තියෙන්නේ සෙන්කඩගල මාලිගාවෙලු. 

ඉතින් ඕවා මේවා ඔක්කම සීන් බලපාලා ඔන්න ප්‍රමිලව දස්කොන්ට කැපෙනවා. 




Posted Image





ආව් ආව්... දෙන්නගේ ලව් එක නැගලම යනවලු. ඉතින් දස්කොන් කවියා නිසා කෑල්ලට කවි එහෙම දුන්නලු. 


රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා 


පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා
රන් මල්ලට නොවිඳිද විදිනා ගුල්ලා




මේක කියන්නේ ඔන්න දස්කොන් ගොයියලු. හෙහ් හෙහ් දැන් ඉතින් ගුල්ලා කව්ද රන් මල්ල කව්ද තේරෙනවනේ නෙහ්. ආයේ ප්‍රමිලත් සෙකන්ඩ් වෙන්නේ නෑ, එන්න සුදු දස්කොන් කියලා නොකියා කියනවලු මෙහෙම ඈ...


යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද 

බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා බොද්ද 

දන්නෝ පහස ගෙට අඬ ගහලා දෙත්ද 

දන්නෝ උපා මිණී බැඳි දොර නාරිත්ද



හොයි.... හොයි.... සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු. ඔව්වා ඔන්න වටේ පිටේ අරන්චිවෙලා මෙහෙම කිව්වලු අනිත් හිතවත් අය දසාට. 


අකුරු කළේ කුමටද පොරණ ගුරුවරු
හකුරු කැලේ දමද්ද දියව යනතුරු
කපුරු මලේ සුවඳට වැනසෙත් බමරු
නපුරු මලේ දැන දැන නොකරන් වියරු




කෝමහරි ඔන්න මෙහෙම සීන් එක නැගලම යනකොට ප්‍රමිලා නංගි ලෙඩ වෙනවා. නෑ නෑ බං එහෙම ලෙඩක් නෙවෙයිලු. ඉතින් ඔන්න ඒකට බලිශාන්ති කර්මයක් කරමු කියලා යෝජනාවුනාම රජා ඒක කරන්න සංවිධායකයා විදියට පත් කරන්නේ දස්කොන් අයියව. ඉතින් මේ ශාන්ති කර්මෙට බලියක් අඹන්න වෙනවලු. ඒ කියන්නේ දේවියගේ නිරුවත් රූපේ මැටියෙන් අඹන්න වෙනවලු. 




Posted Image





දැන් ඉතින් ප්‍රධාන සංවිධායක වුනාම ඔව්වා හරියට වෙනවද බලන්නත් ඕනිනේ. අඹනකොට දස්කොනුත් ඇවිත් බලන් ඉඳලා කියනවලු..

"මල්ලි ආන්න අතන ලපයකුත් තියන්න" කියලා. 



ශ්හ්... ශ්හ්..... පොඩ්ඩක් කන ලං කරහන්කෝ... (රහසෙන්) ආන්න අතන කියලා පෙන්නලා තියෙන්නේ ඉතිහාසේ හැටියට රහස් තැනක්ලු. ලොලේ ලොල්. 

හඃ හඃ හඃ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලුනේ. දස්කොන් අයියට ජම්බු හම්බවෙන්නේ ඔන්න ඔය ලපේ තියන්න ගිහින් තමයි. පව් නෑ කියල ඔන්න බලිය අඹපු මල්ලි ගිහින් දෙනවලු රජාට මේ නිව්ස් එක. රජාට ලොවෙත් මළලු. 



අනේ අහිංසකයා රාජ උදහසට ලක්වෙලා මරා දමන්න තීරණය කරලා ඔන්න දසා හිරේ දාලා ඉන්නවලු. 

උඹලට කියන්න ඒ ප්‍රේමේ තමා බං ප්‍රේමේ... 

ඒ දෙන්න ඔන්න හිරේ ඉන්න ටිකෙත් කවි යනවලු ඈ... 


සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද 


දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද



ඉතින් මරණෙට තීන්දු වෙලා ඉන්න දසාට ඔහොම ප්‍රමිලා කියනවලු. සෙල්ලම්ද ආ . ඉතින් දස්කොන් අයියත් රිප්ලයි එක දැම්මලු මෙහෙම. 



විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණ මා 


වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා 

මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා


දසිස් කියන්නේ දස හිස් කියන්න, මහිස් කියන්නේ මගේ හිස කියන්න, කිම = කිමද යන්න, ඉතින් ඔය ඔක්කම ගත්තම තේරුම මෙහෙමයි, සීතාව ගෙනාපු රාවණා රජ්ජුරුවන්ටත් සීතාගේ රස පහස නොලබාම හිස් දහයම නැති කරගත්ත එකේ මම ඔයාගේ රස පහස ලබාගෙන මගේ හිස ඔයාගේ නමට නැති කරගත්තට කිමද නගා :D


Posted Image




කොමහරි හිරේ ඉන්න ගමන් දස්කොන් ලිව්වලු "නෝක්‌කඩු මාලය" කියලා පොඩි පොතක්, ඒක ලියලා තියෙන්නේ රජ්ජුරුවන්ට දෙන්න. දීලා අභය දානය අරගන්න. කෝමහරි ඒක රජාට ලැබිලා නෑ කියලයිලු කියවෙන්නේ. 



ඉතින් මේ සීන් එක බේස් කරගෙන සිංදු ගොඩක් නිර්මාණය වුනාලු. එහෙම එක සිංදුවක් තමයි අර සිංදුවා පොඩි කාලේ ගියේ. මේ ඒ සිංදුව... ඇන්ඩ් මේ සින්දුව මගේ ආසම ඒවායෙන් එකක්ලු ඈ. 


මේකේ තියෙන්නේ දස්කොන් එක්ක ප්‍රමිලා මල් කඩන ටික. මාරම ගති සිංදුවක්.





මිහිරිම වසන්තය අරන් බග සඳ එබෙයි කවුළුවෙන් 


දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා


නිදිගත් කොවුලිඳුට හොරෙන් සීතල සඳ එළිය යටින් 


සක්මන් මලුව සොයාගෙන මම ආවා



සඳ වතුරෙන් පිරිලා නිල් දිය තිලක මණ්ඩපේ 


මුව මී පිරි ඉතිරේ වැව් තෙර කුමුදු මල් සැලේ 


වාසල මිණි බැඳී දොර නිහඩව නිදන වෙලාවේ 


සෙන්කඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ 



බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ 


ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසඳුන් මගේ 


කන්දෙන් ඈත රටක හිරු දෙව් නිදන යාමයේ 


ඉක්මන් ගමන් මොටද දේවිය ළඟ හිඳින රැයේ 



පද රචනය : දන්නේ නැත දන්නවනම් කියන්න 


ගායනය : චම්පා කල්හාරි සමග ජානක වික්‍රමසිංහ


සංගීතය : මේකත් දන්නේ නැත 



අනිත් සිංදු දෙකම ඇවිල්ල ඔන්න සෙල්ලම් අහුවුනාට පස්සේ තියෙන ශෝකාලාපය. 


මෙන්න මේ සිංදුවේ වර්ෂන් දෙකක් තියෙයි. එකක් නීලාවෝ තනියම ගයන එකක්, අනික අමරදේවයන් එක්ක කියන එකක්. 



මේ තියෙන්නේ තනියම කියන සිංදුව




දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් 


නො එනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ 


මල් දම් ගිලිහී යන්නේ

සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ 


සිත යන යන තැන එන්නේ
මතු දා ඔබ හමු වන්නේ

ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි 


පවනේ පාවී එන්නේ
සයනේ සැඟැවී ඉන්නේ




සුනිල් ආරියරත්නයන් මේක ලියලා තියෙන්නේ මුලින්ම ඔන්න ප්‍රමිලගේ සයිඩ් එකෙන් සලකලලු. මේක රචනා කරලා තියෙන්නේ 70 දශකයේ වගේ මඩවල එස්.රත්නායකයන් ගුවන් විදුලියට කරපු ස්වර වර්ණ කියන ප්‍රෝග්‍රෑම් එකටලු. මේක ලියලා අමරදේවයන් සංගීතය දාලා නීලාවෝ ලවා කියවමු කියලා තීරණය කරලා ඔන්න සින්දුව කිව්වලු. 

පස්සේ අමරදේවයන්ට ඕනි වුනාලු මේකට දස්කොන් අයියවත් ගන්න. ඒ ඉල්ලීම මත ආයේ මේ සිංදුවම දස්කොන්ව ඇතුලත් කරලා ආයේ ලිව්වලු. එහෙම ලියලා අමරදේවයන් යුග ගීයක් විදියට ගැයුවලු. මේ තියෙන්නේ ඒ යුග ගායනය තියෙන සින්දුව.





දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් 


නො එනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ 


ඔබ මා යලි හමු වන්නේ


සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳ ලන්නේ
කවුදෝ ‍රැකවල් ලන්නේ
ඔබ මා යලි හමු වන්නේ

මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත හමු වන්නේ
ඔබ මා යලි හමු වන්නේ

පද මාලාව : සුනිල් ආරියරත්නයන්
තනුව : ඩබ්ලිව්. ඩී. අමරදේවයන්
ගායනය : නීලා වික්‍රමසිංහ සමග අමරදේවයන් 




දස්කොන් ඉක්මන් ගමනින්, ඒ කියන්නේ වේලාසනම ඒකෙන් අර්ථවත් වෙන්නේ හිසගසා මරණවා කියන එක. ඒ කියන්නේ මරණය ඉක්මන් වෙලා නොඑනා ගමනකි කියන්නේ ආපහු එන්නේ නෑ කියන්නනේ. සෝ ඒ කියන්නේ මරණය. ඒ දෙන්නගේ ආදරේ පෙම් තොරණක් විදියට උපමා වෙන්නේ. 

මේකේ ලස්සනම කොටස "සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ" ගත රජා ගාව ඒත් හිත... ඒක දසයා ගාව. ඒ නිසා ඔබ යන ලෝකෙට ඒ හිතත් ඇවිත් මතු දාක ආයේ මීට් වෙයි. 

ළඟ දැන් දසයා නෑ. මරා දමලා ඒත් ඒ සුවඳ ඒ කියන්නේ මතකය ප්‍රමිලා ගාව. ඈට දැන් රජාගේ සුවඳක් දැනෙන්නේ නෑ. රජාගේ මිහිරක් සයනේ නෑ. ඒ ඔක්කගේම රජ කරන්නේ දස්කොන්.
මේක නම් යම්තාක් දුරට සරලයි අදහස. අමාරු නෑ තේරුම හිතාගන්න. 

ඒ වුනාටමේ පහල සිංදුවේ අර්ථය පොඩ්ඩක් සිංදුවට මේ දවස්වල හිරවෙලා ඉන්නේ. ටික දවසකින් දෙන්නම් මුලින්ම දාපු සිංදුවේ තේරුමත් එක්කම. දැනට තම නැණ පමණින් තේරුම් ගන්නකො අහලා. 











සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ 



පද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සමඟ සමිතා එරන්දතී




දැන් ඕක නෙවෙයි සීන් එක ඈ... මෙන්න මේකයි. 

දැන් ඒ දවස් වල දස්කොන් එක්ක කට්ටිය තරහෙන් හිටියලු. එක එක හේතුන් කියනවා. දස්කොන් මිෂනාරි කටයුතු වලට සෙට් වෙලා හිටපු නිසා කට්ටිය මලෙන් හිටියලු. අනික දස්කොන්ට අදිකාරම් පට්ටම දීපු එක ගැන උඩරට හිටපු අනිත් රදල පොරවල් යටින් තරහෙන්ලු හිටියේ. ඒ නිසා මිනිහව ප්ලෑන් කරලා මේකට පැටලෙව්වා කියලා කියනවා. ඒ කියන්නේ

"මල්ලි මෙතන ලපයක් තියන්න" 



කියලා කියන්න තරම් මිනිහා හරකෙක් නෙවෙයිනේ. ඒ නිසා ඒක වෙන කෙනෙක් කරවන්න ඇති කියලා කියනවා. කොමහරි කොල්ලා හිරේ ඉන්නකොට ලියපු පොත මම උඩින් කිව්වේ "නෝක්කඩු මාලය" කියලා. අන්න ඒ පොතත් රජාට ගිහින් නෑනේ. ඒ ගිහින් නැත්තේ කුමන්ත්‍රණය කරපු අය ඒක නවත්තලා නිසාලු. අනිත් කාරණේ ඔය කියන තරම් බිසවට කවි ලියන්න පුළුවන් වෙන්න විදියක් නෑනේ. මොකෝ කෙල්ල පොඩි කාලේ ඉඳලා සිංහල ඉගන ගත්තේ නෑනේ. සෝ හිටියේ මදුරා වලනේ. ඒ නිසා මේ කවි බිසව ලිව්වා වෙන්න බෑ කියලයි කියන්නේ. 



සෝ අවසාන නිගමනය කියන්නේ මෙහෙමයි බුද්ධාගම රැකගන්න ඕනි නිසා දස්කොන්ව මරවන්න භික්ෂුන් වහන්සේලා ඇතුළුව රදල නායකයින් එකතුවෙලා ගහපු ප්ලෑන් එක තමයි මේ ලපය. 



දැන් වැදගත්ම ප්‍රශ්නය !

මේ කියන මිනිහෙක් මරන්න පුළුවන් වුනු ලපය තිබුණු රහස් තැන කොහෙද ? 



ඕක තිබුනේ කෙල්ලගේ කලවා වලලු. හෙහ් හෙහ් කලවා වල තිබුනානම් අර උඩින්ම තියෙන නම්බරේ 19, 39,40 යන තුනෙන් එකක් වෙන්න ඕනා නෙහ් ? :D 

දැන් අපි ප්‍රමිලා ගැන දන්න නිසා අනිවා 19 වෙන්න බෑ, බොහෝ දුරට 40 වෙන්නත් බෑ, ඒ කියන්නේ තිබිලා තියෙන්නේ 39 හෝ ඒ ආසන්නව වෙන්න ඕනා නෙහ් . හඃ හඃ හඃ හඃ කෝමද හොයාගැනිල්ල සිංදුවා ඉතිහාසේ කලානම්...කියලා වැඩක් නෑ නෙහ්... :D 



දැන් අහල්ලකෝ, ඔය ලපය කියන්නේ ඈතට පේන එකෙකුත් නෙවෙයිනේ. එහෙනම් ඔන්න ප්‍රමිලා නාන වෙලාවක හැංගිලා ඉඳලා බැලුවා කියන්න පුළුවන්. අනික දැන් ඉතින් රජා අර දසාව මරන්න කලින් එක පාරක් හරි ලපය තියෙනවද කියලා බලලා ෂුවර් කරගන්නත් ඇතිනේ. ඒ කියන්නේ ලපය පිළිමේ මාක් කරලා තිබුනා හරිනේ. ඉතින් දැන් ඕක ප්ලෑන් කරලා කරානම්..... 



එතකොට දවසේ ප්‍රශ්නය ? 



කව්ද යකෝ ඔය ලපය හරියටම එතන තියෙනවා කියලා දන්න එකා ? 



දවසේ දැවෙන ප්‍රශ්නය ?
දන්නේ කවුරුවුනත් ඌ කොහොමද දන්නේ ලපය එතන තියෙනවා කියලා ?                                  

සබැදුම :--ඔබේ ශරීරයේ උපන් ලප කියන රහස්...                 www.dinanadakuna.blogspot.com

රචනය:- සවුත් ලංකා ගොසිප් සින්දුවා 

No comments:

Post a Comment