Monday 2 December 2013

නාමල් රාජපක්ෂ''ගරු''වී ,අගමැති ''බලු''කල හැටි....

ශ්‍රී ලංකාවේ මාධ්‍ය දේශපාලඥයන් වෙනුවෙන් හොඳට කඩේ යයි.අතීතයේද එය සිදුවුනි.හිටපු ජනාධිපතිතුමිය 2002 එක්සත් ජාතික පක්ෂ බහුතර ආණ්ඩුව පෙරලා දැමීමට යොදාගත් තුරුම්පුව වුයේ ජනමාධ්‍යයයි.ඒ ජනමාධ්‍ය අමාත්යංශය තමන් යටතට පවර ගැනීමෙනි.ඉන්පසු එතුමියට හෙන්චයිකම් කරන්නට නාදයක් පෙළ ගෙසි එය දොතිම බාර ගත්හ.වාර්තමනයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටද කඩේ යන්නන් බොහෝමය.එය එතුමාට පමණක් නොව එතුමාගේ පවුලටම හොඳට කඩේ යයි.
                                     මෑතකදී එනම් 2013-12-02 හොඳට උදැසනම කඩේ ගිය කෙනෙක් විය.ඒ හොඳ ශ්‍රී ලංකාකාරයෙකි.උදේ පත්තර කියවන්නෙකි,වෙන් කවුරුන් හෝ නොව ඒ ස්වර්ණවාහිනී උදැසන '' මුල් පිටුව'' කියවන බන්දුල පද්මකුමරය.පුවත් පතේ සිරස්තල දෙකකි.එකක් අගමැතිවරයා සම්බන්ධ එකකි.එහිදී එය කියවුනේ ''' රටේ අගමැතිවරයා''' යනුවෙනි.අනෙක් සිරස්තලය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙනි,එය කියවුයේ '''ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා'' ලෙසය.අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  ගරු නොකරන්න යැයි නොකියමු.එහෙත් මෙහි විශේෂත්වය වනුයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයට වඩා අටට වැදගත් වනුයේ එම රටේ  අගමැතිවරයාය.එබැවින් ගරු කල යුත්තට ගරු නොකලත් ,අදාළ තනතුරට ගරු කරන මෙන් අපි ඔහුගෙන් ඉල්ලා සිටිමු.මේ පිලිබදව විමසීම සදහා බන්දුල පද්මකුමාර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කලත් ,ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත් කොට තිබුණි.

No comments:

Post a Comment