Wednesday 4 December 2013

උතුමන්ගෙ දෑත් ශක්තිමත් කලා නම්.. මැදමුලන පැත්තට හැරිලා වැන්ද නම්…

මැදමුලන පැතත්ට හැරී වැන්දා නම් තමන්ටද යහතින් සිටීමට හැකිව තිබණේ යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මාතර වැලිගමදී පැවති ජනහමුවකදී ඒ මහතා එසේ පැවසුවේය.
මෙහිදී අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය.
‘අද ජනතාවගෙන් 98%කට තියෙන්නේ බලාපොරොත්තු කඩවෙච්ච මානසිකත්වයක්.ඔවුන් ජීවත් වෙන්නේ අනාතගය ගැන අවිනිශ්චිතබවකින්. පසුගිය අවුරුදු 65ක් පමණ මේ රට පාලනය කළ දුෂිත දේශපාලඥයන් නිසා ජනතාවගේ සුබසාධනය කඩන් වැටුණා. පරම්පරා තුනක් ගෙවිලා ගියත් තමුන්නාන්සේලාගේ ජීවිත පරම්පරාවෙන් පරම්පරාවට දියුණුවක් ලැබුණේ නෑ. හැමදාම අත්වුණේ බලාපොරොත්තු කඩවීම් හා ජීවන බරදරා ගැනීමේ ප‍්‍රශ්නය පමණයි.
එදා අපේ ජනතාවට විකල්පයක් තිබුණේ නෑ.එක් පක්ෂයක් එපා වුණොත් අනෙක් පක්ෂයට ඡුන්දය දුන්නා. දේශපාලඥයන් මේ තත්ත්වය තේරුම් අරන් හිටියේ. ඔවුන් දැනගෙන හිටියා කවදාහරි දවසක තමන්ගේ වාරය එයි කියලා. මේ නිසා දේශපාලඥයෝ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කිසිම කැපකිරීමක් කළේ නෑ. හැමදාම ජනතාව රැවැට්ටුවා.බොරු පොරොන්දු දුන්නා. අපි කියන්නේ දැන්වත් මේක වෙනස් කරන්න  ඕන කියලයි.
අපිටත් තිබුණා ඔය බඩගෝසතරවාදී දේශපාලනයට එකතු වෙලා අපිට යමක් කරගෙන ඉන්න. මේ උතුමන්ගේ දෑත් ශක්තිමත් කරා නම්, මැදමුලන පැත්තට හැරිලා වැන්දා නම් අපිටත් තිබුණා යහපත්ව ජීවත් වෙන්න. හැබැයි එතකොට තමුන්නාන්සේලා අසරණ කරන්න, රවට්ටන්න වෙනවා.එහෙම කරන්න බැරි නිසා තමයි මේ දුෂිත පාලකයන්ගෙන් ඈත් වෙලා හමුදාවෙන් විශ‍්‍රාම අරගෙන වරප‍්‍රසාද,වරදාන අමතක කරලා තමුන්නාන්සේලා වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඉදිරිපත් වුණේ’

No comments:

Post a Comment