Wednesday 25 December 2013

ඇමති තාත්තගේ සැප ,,,ඇමති පුතත් ගන්න යයි..

තමන්ට කරන්නබැරි වුණු වැඩ කටයුතු ටික කරන්න එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සදහා තම පුතා ඉදිරිපත් කරන බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
ගුලවිට පේරගහ ප‍්‍රදේහයේ පැවති ජනහමුවක් අමතා ඇමතිවරයා මෙසේද කීවේය.
‘බස්නාහිර පළාත් සභා මැතිවරණය එනවා. මම ඒකට මගේ පුතාව ඉදිරිපත් කරනවා. එවිට මටයි පුතාටයි එකතු වෙලා මීට වඩා ලොකු සේවයක් කරන්න පුළුවන්. මට කරන්න බැරි වෙච්ච අතපසු වෙච්ච වැඩ ටික පුතා කරාවි.
මම පසුගිය දවසක නෑබඩ ප‍්‍රදේශයේ පාසලකට ගියා ළමයින්ට පොත් බෙදා දෙන්න. පුංචි දරුවන්ගෙන් මම ඇහුවා මේ පොත් බෙදා දෙන මාමව අදුරනවද කියලා. කවුරුත් කතා කළේ නැහැ. නැවත මම ඇහුවා  ඕගොල්ලන් මහින්ද මාමව අදුරනවද කියලා අත් දෙකම ඔසවලා මහ හයියෙන් කෑගහලා ඔව් කියලා පුංචි දරුවෝ කෑගැහුවා. බලන්න මොනතරම් ජනාධිපතිතුමාට මේ දරුවෝ ආදරේද කියලා. ඒ වගේම ජනාධිපතිතුමන් දරුවන්ට ගොඩක් ආදරෙයි’

No comments:

Post a Comment