Tuesday 3 December 2013

අන්ථවාදි මුස්ලිමි කණ්ඩායමි අතර ලංකාවෙදි ගැටුමි -

සුන්නි මුස්ලිම් හා ශියා මුස්ලිම් යනු මුසල්මානුවන් අතර ඇති නිකාය භේදයකි. ලොව පුරා මුසල්මානුවන් අතර දරුණු ගැටුම් හටගන්නේ මෙම නිකාය භේදය හේතුවෙනි. සිරියාව, ඇෆ්ගනිස්ථානය, තුර්කිය වැනි රටවල් අමානුෂික යුධ ගැටුම් ඇති අවාසනාවන්ත රටවල් බවට පත්ව ඇත්තේ මේ ගැටුම හේතුවෙනි. 

ලාංකීය මුස්ලිම් සමාජයද මේ වන විට සුන්නි මුස්ලිම් හා ශියා මුස්ලිම් වශයෙන් බෙදී ඇත. එපමණක් නොව තරීකා ජමාත් (මේ තුළද බෙදීම් රාශියක් ඇත), තබ්ලික් ජමාත්, තවුෆිද් ජමාත්, ජමාතී ඉස්ලාම්, බෝරා මුස්ලිම්, ජමාතුල් මුස්ලිමීන් ආදී සංවිධාන වල බෙදීම්ද මේ වන විට ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. මේ ව්‍යාප්ත වන කණ්ඩායම් විසින් ලංකාවේ මුස්ලිම් ජනතාව අතර පතුරුවනු ලබන්නේ උග්‍ර වූ ආගමික අන්තවාදයකි.

මේ ආගමික අන්තවාදී කල්ලි විසින් මෙහෙයවෙන සන්නද්ධ කණ්ඩායම් ඇති බවද, මේ එක් එක් සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇති වන බවද මේ වන විට රහසක් නොවේ. මේ ගැටුම් වලට ආසන්නතම උදාහරණය වනුයේ මින් දින කිහිපයකට පෙර කොච්චිකඩේ මුස්ලිම් පල්ලිය අසල ඇතිවූ සුන්නි ශියා මුස්ලිම් ගැටුමය. (අවාසනාවකට මේ සියල්ලටම මාධ්‍ය වල දොර වසා ඇත.) මේ වන විටත් මේ ගැටුම නිමවී නොමැති බවද වාර්තා වෙයි. 

පාලකයින් මේ අන්තවාදයට නිදහසේ වැඩෙන්නට ඉඩ දී ඊනියා සහජීවනයක් වෙනුවෙන් මුනිවත රකිති. ප්‍රතිඵලය වනුයේ කුමක්ද?. මේ රටද ගෝත්‍රික අන්තවාදීන්ගේ මස් මඩුවක් බවට පත් වීම නොවේද?.

No comments:

Post a Comment