Tuesday 3 December 2013

බස්නාහිරින් කොලබ දිනවන්න ශ්‍රී.ලං.නි.ප .ප්‍රාදේශීය නායකයෝ රැසක් ඒ.ජා.ප .යට

2006 කොළඹ මහ නගර සභා මැතිවරණයේදී එ.ජ.නි. සන්ධාන ලැයිස්තුවේ අංක 34 යටතේ තරඟ කල මැද කොළඹ ආසනයේ ශ්‍රී.ලං.නි.ප.තරුණ සංවිධානයේ හිටපු සභාපති එස්.කේ. සමරවික්‍රම මහතා ඉතාලියේ මිලානෝ නගරයේදී 2013 දැසැම්බර් මස 02 දින එක්සත් ජාතික පක්ෂයේ මිලානෝ ශාකාව වෙතින් ,එ.ජා.ප. සාමාජිකත්වය ලබාගෙන,එ.ජා.ප. ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙන බවට සපථ කරන ලදී.
                                 එ.ජ.නි.සංධානය වෙනුවෙන් මෙපමන කලක් වෙහෙස මහන්සි වූ තමන්, වර්තමාන රජයේ දූෂිත ක්‍රියා කලාපය හේතුවෙන් දැඩි කලකිරීමකින් සිටින බැව් ඔහු විසින් පවසන ලදී.
මිලානෝ එ.ජා.ප. ශාකා සමිතියේ ගරු සභාපති ජෙරාඩ් අප්පුහාමි මහතාගේ අතින් සාමාජිකත්වය ලබාගැනීම, එ.ජා.ප.ශාකා සමිතියේ කාරක සභික හා නිල නොලත් ප්‍රචාරක නිලධාරී එමිල් රෝහන් මහතාගේ නිවසේ සිදුවිය.

ගරු සභාපති ජෙරාඩ් අප්පුහාමි මහතා අදහස් දක්වමින් එ.ජා.ප.රජයක් වෙනුවෙන් අප වෙහෙසිය යුත්තේ මන්දැයි යන්න පැහැදිලි කල අතර,සැමවිටම ශාකා සමිතියේ හා එ.ජා.ප. යේ උන්නතිය උදෙසා තම ශක්තිය නිරන්තරයෙන්ම වෙහෙසවන හිටපු ගරු ලේකම් ලෙස්ලි ලෝව් මහතාටද තම හෘදයාංගම ස්තූතිය පුදකරන ලදී.

No comments:

Post a Comment